කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ පළමු මරණ දෙක අද සිංගප්පූරුවෙන් වාර්තා විය. 21 March 2020
ගුවන් තොටුපොළට යන්න ඕනෑනම් පොලිසියට කියන්න සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිය රටවලට යාමට බලාපොරොත්තුවෙන් සිටින විදේශිකයන්ට ගුවන් තොටුපොළට යාමේදී ප්‍රවාහන පහසුකම් සපයාගත නොහැකිව සිටින්නේ නම් ළඟම ඇති පොලිස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස ලංකා සංචාරක මණ්ඩලය දන්වා සිටී. 21 March 2020
බේරුවලින් හමුවූ කොරා්නා ආසාදිතයෙක් කොළඹට සංචාරක මාර්ගෝපදේශකයකුගේ රියදුරකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකුට කොරෝනා ආසාදන තත්ත්වයක් බව හඳුනා ගැනීමෙන් පසුව ඔහු කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට ඇතුළත් කර ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (21) පැවසීය . 21 March 2020
කොරෝනාවෙන් ඇමරිකාවේ එකම පවුලේ සිව් දෙනෙකු මරුට කොරෝනා වෛරසයෙන් ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් ඇති අතර රෝගය වැළඳුනු තවත් ඥාතීන් තිදෙනෙකු රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ. 21 March 2020
අද - සඳුදා ලංකාදීප පළ නොවේ ශ්‍රී ලංකාව පුරා මේ වන විට බලපැවැත්වෙන ඇඳිරි නීතිය සහ කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් අද (21) සහ සඳුදා (23) දිනයන්හිදී ලංකාදීප පුවත්පත පළ නොවන බව අපගේ හිතවත් පාඨකයන්ට දැනුම් දෙමු. 21 March 2020
හෝමාගම රෝහල කොරෝනා ආසාදිතයින්ට පමණයි හෝමාගම මුලික රෝහල කොරෝනා වයිරසය ආසාදිත රෝගින්ට පමණක් ප්‍රතිකාර කරන බව හෝමාගම මුලික රෝහල් වෛද්‍ය අධ්යක්ෂ ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසිය. 21 March 2020
කොරෝනා වැළඳුනැයි සැක ජපන් තරුණිය බූස්සට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි 18හැවිරිදි ජපන් තරුණියක් කොරෝනා වයිරසය වැළදී ඇතැයි සැක සහිතව බුස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්යද්ථානයේ ප්‍රතිකාර ලබන බව නාවික හමුදාව කියයි. 21 March 2020
කොරෝනා යැයි සැක තිදෙනෙක් හම්බන්තොට රෝහලේ කොරෝනා වයිරසය වැළදී ඇතැයි සැක පිට තිදෙනකු අද වන විට හම්බන්තොට රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයේ නොවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් වෛද්‍ය අධිකාරී සුරංග ඔබේසේකර මහතා පැවසීය. 21 March 2020
ඇඳිරි නීතිය කඩ කළ 10 ක් පොලිස් දැලේ රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරමින් හැසිරුණු පුද්ගලයින් 10 දෙනෙකු අද (21) අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය කියයි. 21 March 2020
රිමාන්ඩ් කළ පුද්ගලයා ඉතාලියෙන් ආ බව හෙළිවී කෑගල්ල බන්ධනාගාරය කැළඹෙයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක් පසුව ඉදිරි නඩු විභාගය දක්වා කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී, ඔහු ඉතාලියේ සිට පැමිණ, එහෙත් නිරෝධායනයකට ලක්නොවී සැඟව සිටි අයකු බව අනාවරණය වී තිබේ. 21 March 2020
රත්නපුර ඔසුසල්-ආහාර අලෙවිසල් පමණක් විවෘත කරන්නැයි උපදෙස් ඇඳිරි නීතිය ඉවත් කළ වහාම රත්නපුර දිස්ත්‍රික්කයේ ඖෂධහල් හා අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල පමණක් විවෘත කිරීමට කොරෝනා වයිරස මර්ධන රත්නපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ. 21 March 2020
ඇඳිරි නීතිය කඩකළ සෙබළු තිදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරමින් හැසිරුණු හමුදා සාමාජිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැරිය බව කුරුණෑගල පොලීසිය පවසයි. 21 March 2020
කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි උතුරු කොරියාව විසින් අද(21) මිසයිල අත්හදාබැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි. 21 March 2020
ඇඳිරි නීතිය නොතකා අවන්හල පවත්වාගෙන ගිය අයෙකු දැලේ ඇඳිරි නීතිය කඩකරමින් හපුතලේ නගරයට ආසන්න ස්ථානයක අවන්හලක් විවෘතකර පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 March 2020
ඉන්දියාවෙන් ආ තවත් වන්දනාකරුවන් පිරිසක් නිරෝධායනට දඹදිව වන්දනා චාරිකාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 210 ක පිරිසක් ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 21 March 2020
ලොව පුරා කොරෝනා මරණ 11,000 පනී අද දිනයේදී ඉතාලියේ සිදුවූ මරණ 627 ත් සමගින් කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11,266 කි. 21 March 2020
මාස ගණනාවකට ඕන තරම් ඖෂධ - ආහාර පාන - ඉන්ධන තියෙනවා කොරෝනා වසංගතයෙන් ගැලවීම සඳහා රටටම ඇඳිරි නීතිය දමා තිබුණත් ඖෂධ, ආහාර පාන ඉන්ධන මාස ගණනාවකට අවශ්‍ය ප්‍රමාණ ශ්‍රී ලංකාව සතුව ඇති බවත් පමණට වඩා ආහාර හෝ ඉන්ධන රැස්කරගැනීමට අනවශ්‍ය කලබලයක් ඇති කර ගන්න උවමණා නැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි. අගමැතිවරයා මේ බව පැවසුවේ අද දින ජාතිය අමතා කතා කරමිනි. 20 March 2020
පැය 24 ක් තුල ඉතාලියේ 627 ක් මරුට පසුගිය පැය 24 තුල ඉතාලියේ කොරෝනා වයිරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 627ක් බව වාර්තා වේ. මේ අනුව ඉතාලියේ මුළු මරණ සංඛ්‍යාව 4,032 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙය රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වූ දා සිට වාර්තා වූ විශාලතම මරණ සංඛ්‍යාව බවත් බලධාරීහු පවසති. 20 March 2020
වගකීම් සහගත වෙන්න මුහුණු ආවරණ භාවිතයේදී වගකීම් සහගත වෙන්න. රෝගයට නිරාවරණය වීමේ අවදානමක් සහිත පිරිසට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඒවා අත්‍යවශ්‍යය. 20 March 2020
ඇදිරි නීතිය කඩ කළ 8 ක් පොලිස් දැලේ ඇදිරි නීතිය කඩ කරමින් නිවසක පැවැති සාදයකදී බීමත්ව ගීත ගයමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු අද (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය. 20 March 2020
ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ඇඳිරි නීතිය කඩකරමින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි බව කියන අයකු තංගල්ල විතාරන්දෙණිය පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 20 March 2020
කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 72 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් දෙදෙනකු පිළිබඳව තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවසූවාය. 20 March 2020
පුස් කෑ පරිප්පු විකිණු වෙළඳසැල් හිමියකු අත්අඩංගුවට කොරෝනා වයිරසය නිසා මහජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවේ පරිභෝජනයට නුසුදුසු පුස් කෑ පරිප්පු අලෙවි කරමින් සිටි මොරවක වෙළඳසැල් හිමියෙකු අත්අඩංගුවට ගත් බව වෛද්‍ය නිලධාරී නිලධාරි කාර්යාලය පවසයි . 20 March 2020
කොරෝනා යැයි සැක 5 ක් බදුල්ල මහ රෝහලට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැකකරන පුද්ගලයන් පස් දෙනෙකු බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අද (20) ඇතුළත් කර තිබේ. 20 March 2020
ඉරානයට පැනවූ සම්බාධක ඉවත්කරන්නැයි පාකිස්තානු අගමැති ඉල්ලයි කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන ඉරානයට පනවා තිබෙන සම්බාධක ඉවත් කරන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (20) ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේය. 20 March 2020
’ඇඳිරි නිතිය කඩකරන්නන්ට පොලිසියෙන් සමාවක් නෑ’ දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබියදීත් එම නීතිය කඩකරමින් හැසිරෙන හා මාර්ගවල වාහනවලින් ගමන් ගන්නා පුද්ගලයන්ට පොලීසිය කිසිදු අනුකම්පාවක් නොදක්වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 20 March 2020
අත්අඩංගුවට ගත් දඹුලු නගරාධිපතිට ඇප කොරෝනා වයිරස තත්ත්වය හමුවේ පාපැදි තරගයක් සංවිධානය කළැයි අත්අඩංගුවට ගත් දඹුල්ල නගරාධිපති ජාලිය ඔිපාත සහ තරග සංවිධායක ඇප මත මුදා හැරිමට දඹුල්ල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය. 20 March 2020
ජෝර්දානයටත් හෙට ඇඳිරිනීතිය නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු රටටම බලපවත්නා පරිදි හෙට (21) ඇඳිරි නීතිය පැනවීමට ජෝර්දානය පියවර ගෙන ඇත. 20 March 2020
දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන ඉහළට දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 52 සිට 202 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍ය ස්වෙලි ම්කිසේ මහතා අද (20) ප්‍රකාශ කළේය. 20 March 2020
බ්‍රිතාන්‍යය විශ්‍රාම ගිය සෞඛ්‍ය නිලධාරීන් 65,000ක් කැඳවයි බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය පසුගිය වසර තුන තුළ විශ්‍රාම ගිය වෛද්‍යවරුන් සහ හෙදියන් 65,000කට කොරෝනා වයිරසය නමැති ගෝලීය සෞඛ්‍ය තර්ජනයට මුහුණ දීම සඳහා පැමිණෙන්නැයි දන්වා සිටී. 20 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026