අධ්‍යාපනයේ වෙනස්කම් වලට පෞද්ගලික අංශයේත් අදහස් සොයයි මෙරට අධ්‍යාපනයේ සහ උසස් අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ අදහස් හා යෝජනා ලබාගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. 24 September 2020
තමන්ට වැඩකරන්න දෙන්නේ නැතැයි රාජ්‍ය ඇමතිගෙන් අගමැතිට පැමිණිල්ලක් කම්කරු අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් තමන්ට වැඩ කරගෙන යන්නට දෙන්නේ නැතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ පොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (24) පැමිණිලි කර ඇත. 24 September 2020
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කෝටි 13 ක වංචා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රුපියල් කෝටි 13 කට අධික මුදල් අක්‍රමිකතා ඉකුත් වසර පහේ දී සිදුව ඇතැයි එහි 2015 සිට 2019 දක්වා සිදුවූ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුව විසින් අනාවරණය කර ගෙන ඇත. 24 September 2020
අහුන්ගල්ල මුහුදේ කෝටියක මත්කුඩු පාර්සලයක් පාවෙයි මුහුදේ පාවෙමින් තිබියදි අහුන්ගල්ලේ ධීවරයින් දෙදෙනෙකු අහුලාගත් රුපියල් කෝටියක් පමණ වටිනා මත් කුඩු පාර්සලයක් අද (24) පොලිසියට බාරදුන් බව අහුන්ගල්ල පොලීසිය කියයි. 24 September 2020
’පූ කුඩු කන්නා’ගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බාල චන්ද්‍ර පුෂ්පරාජ් හෙවත් ’පූ කුඩු කන්නා’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුෂන් පාර මහල් නිවසක දී අද (24) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 24 September 2020
හැටන්-කොළඹ මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්වයට හැටන්-කොළඹ ඒ 7 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය බදුපොල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගලක් පෙරැළීමෙන් ඇන හිට තිබු එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් වී තිබේ. 24 September 2020
කොටිකාවත්ත ආදාහනාගාරයේ පිපිරීමකින් 8 කට තුවාල කොටිකාවත්ත සුසාන භූමියේ ආදාහනාගාරයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි. 24 September 2020
නිවාස අධිකාරියේ ලොක්කන් දෙදෙනෙකුට මාරුවීම් නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයේ සිදු වී ඇතැයි කියන අකාර්ෂක්ෂම සේවාව හේතුවෙන් එහි කළමනාකරු සහ දේපොළ කළමණාකරු වහාම ක්‍රියාත්මක වන පරිදි නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානයට අද (24) මාරුකර යවා ඇත. 24 September 2020
විස්සට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක්කරමින් අද (24) අවසන් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත. 24 September 2020
අමිතාබ් බච්චන්-ෂාරුක් ඛාන් වෙත මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරීන්ගේ විමසුම් ඇස හින්දි සිනමාවේ ජනප්‍රිය නළුවකු වූ සුශන්ත් සිං රාජ්පුත්ගේ දිවිනසාගැනීම සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ මේ වනවිට මත්ද්‍රව්‍ය පිළිබඳ විමර්ශන බවට පෙරැළී තිබේ. හින්දි සිනමාවේ ප්‍රවීණ සහ ජනප්‍රිය නළු නිළියන් රැසකට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි ඉන්දීය මත්ද්‍රව්‍ය පාලනය අධිකාරිය පවසයි. 24 September 2020
නෞකාවෙන් තවත් කෝටි 10 ක වන්දියක් ඉල්ලයි නිව් ඩයමන් නෞකාවේ හිමිකරුවන්ගෙන් තවත් රුපියල් මිලියන 100 ක් වන්දි මුදලක් ගෙවීමට නීතිපතිවරයා නියම කර තිබේ. 24 September 2020
ආනවිළුන්දාව ඩෝසර් කිරීමට චෝදනා ලැබූ ජගත් සමන්තට ඇප ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රි කුරු ගමගේ ජගත් සමන්ත පෙරේරා ඇප මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද ( 24 ) නියෝග කළේය. 24 September 2020
හිටපු ජනපති ඇතුළු රදගුරුතුමන්ලා තිදෙනාට අවවාද කරති පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිෂන් සභාව අද (24) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාටත්, කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා තිදෙනාටත් අවවාද කළේය. 24 September 2020
සහරාන්ලා ගැන විවෘත විමර්ශන නොකරන්නැයි හිටපු ජනපති මට කිව්වා සහරාන්ලා ඇතුළු අන්තවාදීන් පිළිබඳ විවෘත විමර්ශන නොකරන්නයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මට උපදෙස් දුන්නා. ඒ විමර්ශන නිලන්ත මොනිටර් කරයි කියලා ඔහු මට කිව්වා. ඒ නිසා එතනින් පසු අපි ඒ ගැන සෙව්වේ නැහැ යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාර විමර්ශන කොමිසම හමුවේ පැවසීය. ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ දෙවැනි දිනටත් (23 වැනිදා) සාක්ෂි දෙමිනි. 24 September 2020
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක් ගන්න යයි කොවිඩ් -19 වයිරසයේ බලපෑම හේතුවෙන් සංචාරක ක්ෂේත්රයේ නිරතවූවන්ට රජය ලබා දුන් සහනය මෙතෙක් නොලැබූණු අය වෙත ද කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (24) පැවසීය. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 100 ක මුදලක් ලබාගෙන සංචාරක ක්ෂේත්රයේ නියුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත සහන සැලසීමට ද රජය කටයුතු කරමින් සිටී. 24 September 2020
අනුර කුමාර කතානායකගේ ඇලය වෙනස් කරයි පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේදී කථානායකවරයා අපක්ෂපාතීවිය යුතු නමුත් මේ මොහොතේදී ඔබතුමා පුටුවේ වාඩිවී සිටින්නේ ආණ්ඩුපක්ෂයට, එනම් දකුණු පැත්තට බරව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 September 2020
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනකු අත්අඩංගුවට පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේදී ව්‍යාජ මුදල් නොට්ටු 05 ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 24 September 2020
විපක්ෂ නායකට කැමරාව යොමු නොකිරීම නලීන් බණ්ඩාරට ප්‍රශ්නයක් වෙයි 20 වැනි සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුගිය 22 වැනිදා සිය පක්ෂයේ සාමාජිකයින් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථාකරන විට කැමරාව යොමු නොකළේ මන්දැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කථානායකවරයාගෙන් අද (24) විමසා සිටියේය. 24 September 2020
ගිනිගත්හේනෙන් දුන් අධ්‍යාපන සාම්පලය ආර්ථික අගහිඟකම් හේතුවෙන් පාසල් ගමන අතරමග නතර කළ දියණියන් දෙදෙනකු හා පුතකු සම්බන්ධ අනුවේදනීය පුවත අප පුවත්පත මගින් රටට අනාවරණය කිරීමත් සමග දෙස් විදෙස් පරිත්‍යගශීලි මිනිසුන්ගේ කුළුණුබර නෙත් එම දරු පැටවුන් වෙත යොමුවිය.. 24 September 2020
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් දුම්රියක්, මීරිගම දුම්රිය ස්ථානය අසළදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. 24 September 2020
’කුඩු රොහා’ පොලිස් වෙඩි පහරින් මරුට සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙව්මිණි රෝහණ හැරල් ද සිල්වා හෙවත් ’’කුඩු රෝහා’’ නැමැත්තා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී පොලිසිය සමග අද (24)අලුයම ඇතිවූ වෙඩි හුවමාරුව දී මිය ගිය බව පොලිසිය සඳහන් කරයි. 24 September 2020
ශ්‍රී ලංකාවේ - ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරු අතර සාකච්ඡාවක් 26 වැනිදා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන් අතර ද්විපාර්ශවීය සමුළුවක් විඩියෝ තාක්ෂණය ඔස්සේ එළැඹෙන 26 වැනිදා පැවැත්වීමට නියමිත ය. 23 September 2020
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් කෝටි 31 ක් ඉපයූ තිදෙනෙක් දැළේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ බව කියන රුපියල් කෝටි 31 ක මුදලක් බැර කරන ලද බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මීගමුව නගර සභාවේ සේවකයෙක්, මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් අද (23) අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 23 September 2020
කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජනපති අණින් නවතියි කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දී ඇත. 23 September 2020
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වෘත්තීයවේදියකු ඉල්ලති ඉතාලියේ අගනුවර වන රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නව තානාපති වශයෙන් වෘත්තියවේදියෙකු පත්කර එවන මෙන් ඉතාලියේ පදිංචි ශ්‍රී ලංකිකයෝ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති. වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරු ලබාගැනීම සඳහා හදිසියේ කරළියට පැමිණි පිරිසක් වෙර දරමින් සිටින බැවින් ඔවුහු මෙම ඉල්ලීම කරති. 23 September 2020
නිවාස අධිකාරියේ නාරාහේන්පිට කාර්යාලයට ජනපති හදිසියේම යයි අවස්ථා ගණනාවකදී නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට ගියද සිය අවශ්‍යතාව ඉටු කරගැනීමට නොහැකි වූ කාන්තාවක කරන ලද පැමිණිල්ලක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) එම කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 23 September 2020
කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති දෙකකට වසයි කටාර් හි දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති දෙකකට තාවකාලිකව වසා දැමූ බව එම තානාපති කාර්යාලය කියා සිටී. 23 September 2020
වලවේ ගඟේ මාළුන්ට ඩයිනමයිට් දාන්න ගිහින් අත වෙන්කරගනී බළංගොඩ වලවේ ගගෙහි හපුගහකුඹුර යහලවෙල නැමති ස්ථානයේ මසුන්ට ඩයිනමයිට් යොදා මසුන් මරමින් සිටියදි එම ඩයිනමට් ගුලියක් අතෙහි පත්තු විමෙන් දෙදෙනෙකු තුවාල ලබා අද (23) දින සවස බළංගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි බලංගොඩ පොලිසිය කියයි . 23 September 2020
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත හැම වෙලේම වැඩ කළේ තනියම හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ හැකියාවක් තිබූ බව මා දුටුවේ නැහැ. ඔහු හැමවිටම වැඩ කළේ තනියමයි. මගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ කාලයේදීයි මම ඒ අඩුපාඩුව හඳුනා ගත්තේ යැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි. 23 September 2020
සඳහිරු සෑයේ තැන්පත් කරන්න රත්‍රං ඉල්ලුවේ නාවික හමුදාවයි අනුරාධපුරය සඳහිරු සෑයේ තැන්පත් කිරීමට බුද්ධ ප්‍රතිමා සෑදීම සඳහා එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රේගුවෙන් රත්‍රං ඉල්ලුවේ නැති බව එවකට හිටපු රේගු අධ්යක්ෂ ජගත් විජේවීර මහතා දේශපාලන පලිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (23) සඳහන් කළේය.රත්‍රං ලබා දෙන ලෙස ඉල්ලීම කළේ නාවික හමුදාවෙන් බව ජගත් විජේවීර මහතා කියා සිටියේය. 23 September 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026