(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයට අනතුරක් සිදු වූ බවට සාක්ෂි මඟින් අනවරණය නොවන බවට සඳහන් නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුව අවසන් කිරීමට මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කේසර.ඩී.ඒ. සමරදිවාකර මහතා අද තීරණය කළේය.
මේ පිළිබඳව ලද නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට ලබාදුන් වාර්තාවක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම තීරණය කනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රතාපවත් සුවාධීන අධිකරණයට අපේ ආචාරය... දෙවියනේ ඔබ කොහේද?
ප්රතාපවත් සුවාධීන අධිකරණයට අපේ ආචාර pradeepa, තමුන් දන්නැති නිසා දැනගන්ඩ කියන්නෙ මේ, අධිකරණය ට හැම මගුලටම ඇඟිල්ල දික් කරන්ඩ එපා මෝඩයෙක් වගේ. විමර්ශන සම්බන්ධයෙන් තීරණ අරන් නඩු පවරනව ද නැද්ද කියලා තීරණය කරන්නේ නීතිපතිවරයා. ඒ තීරණය ට එහා යන්ඩ මහේස්ත්‍රාත් අධිකරණය ට බලයක් නෑ. ශ්‍රී ලංකා ජන රජයේ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත පුලුවන්නං අරගෙන කියවල තේරුම් ගන්න බලනවා. ඒක බලල, ඔය පම්පෝරිය පුලුවන්නම් නීතිපති තුමාලගට ගිහිං ඉල්ලනවකො ගේම.
ප්‍රදීප් අපේ අධිකරණ පද්ධතිය ගැන ජනතාවගේ විශාල පැහැදීමක් තියෙනවා. ඒ බව දිනපතා අධිකරණය ඉස්සරහා රැස්වෙලා පොදිකන ජනතාව දිහා බැලුවාම පෙනෙනවා. අපි ඔක්කොම අපේ අධිකරණයට ගරු කරනවා.
එතකොට අර යුක්රේන්කාරයින් ගෙනැල්ලා ගුවන් තොටුපළ හෝටලයක් ඇතුලේ පාටි දම්මලා ඔය කොරෝනා රැල්ල ගේන්න වගකිවයුතු අර ප්‍රසිද්ධ හාදයා ගැන කතාවක් නැද්ද? ඔන්න නීතිපතිගේ විශිෂ්ට ක්රියාවේ ප්‍රතිඵලය. මේක ඉදිරියේදී නීතිය හදාරන සිසුන්ට හොඳ උදාහරණයක් වේවි...!!!
අනේ මෙහෙම රටක් කියන එක තමයි කියන්න තියෙන්නේ..!!!
ඒගොල්ලෝ පව්.. මේ ඇත්තොත් පව්. අපි තමයි ගෙවල්වල ඉඳලා ලෙඩ පතුරවලා තියෙන්නේ. පුදුම අහිංසකයින් කට්ටියක් අප්පා. හරියට දහම් පාසලේ ළමයි වගේ.