(උපාලි ආනන්ද)
වයය අවුරුදු 15 සහ 12 වන වියෙහි පසු වූ බාල වයස්කාර අක්කා නගෝ දෙදෙනකු වරින්වර බරපතළ ලෙස ලිංගික අපයෝජනයට වින්දිත දැරියන්ගේ සුළු පියා සියලු චෝදනාවනට වරදකරු කරමින් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ පූර්වගාමි විනිසුරු ආචාර්ය සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර අනූවක (90) සිර දඩුවමක් නියම කළේය.
විත්තිකරුට එරෙහිව චෝදනා හයක් යටතේ වෙන් වෙන්ව මහාධිකරණයේ හමුවේ නඩු පැවරුණු අතර සියලු චෝදනාවට වරදකරු කරමින් වසර 25කට පසු අද තීන්දුව ප්රකාශයට පත් කළේය.
එක් අධි චෝදනාවකට වසර 15 බැගින් මෙලෙස අධිචෝදනා 6 කට වසර 90 ක බරපතල වැඩ සහිත සිර දඩුවම නියම විය. දඩුවම් එකවර ගෙවී යා යුතු බවද අධිකරය නියෝග කෙරිණ.
ඊට අමතරව එක් අධි චෝදනාවකට රුපියල් 10000 බැගින් අධිචෝදනා හයට රුපියල් 60000 ක දඩයක් ගෙවන ලෙසත් එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් සිර දඩුවමක්ද නියම කළේය.
ඊට අමතරව වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙසත් එම එම වන්දි මුදල නොගෙවන්නේ නම් විත්තිකරු තවත් වසර 2 ක සිර දඩුවමකටද යටත් කෙරිණි.
විත්තිකරු සමාජගතව සිට අධිකරණයට පැමිණ ඇති බැවින් ඔහු දින 14 ක කාලයක් නිරෝධායනය කර සිර ගත කරන ලෙසටද විනිසුරුවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරනු ලැබීය.
මෙසේ දඩුවම් නියම වූයේ ගල්කිරියාගම පුද්ගලයකු වන අතර අපරාධය සිදු කරන අවස්ථාවේ විත්තිකරු 36 වන වියෙහි පසුවූ අතර නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරන අවස්ථාව වන විට ඔහුගේ වයස අවුරුදු 61 කි.
විත්තිකරුගේ අතවරවලට ගොදුරු වී ඇති වින්දිත දැරිය මෙරට නීති විද්‍යාලයක් දක්වා ගොස් නීති වෘත්තියේ යෙදී සිටින බව අධිකරණයේ දී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 25ක්? මේ රටේ නීතියේ අකාර්යක්ෂමතාවය කණගාටුදායක කරුණක්...
ඇති යන්තන් නඩුව විසදුවා
"වරදකරු කරමින් වසර 25කට පසු අද තීන්දුව ප්රකාශයට පත් කළේය", මෙනන මෙතනයි හදනන ඔනි
මෙ අවුරුු 25 ම මේ මනුස්සයා මොනවා නොකරනන ඇද්ද
රටේ නීතිය මීට වඩා කාර්යක්ශම විය යුතුයි.මේ නඩු තීන්දුව පමා වීම ගැන සොයා බලන්නේ නැතිද?
අපේ රටේ මෙවැනි අකාර්යක්ෂම වන අධිකරණ කටයුතු නිසා අපරාධකරුවන් නිදැල්ලෙ
ඒ තමයි ලංකාවේ යහපාලනය... බැරි වෙලාවත් එදා ඒ ළමයාට දරුවෙක් ලැබෙන්න හිටියා නම් අද අවුරුදු 25ක දරුවෙකුත් මේ නඩුව බලාගෙන ඉන්න තිබුණා.
දැක්කම හිනා යනවා.
විත්තිකරුට දීර්ඝායුෂ පතමි.