(විනීතා එම් ගමගේ)
කාන්තාවන් හා ළමයින් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවිකරනු ලබන වෙබ් අඩවි නිර්මාණකරුවන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිස් කාන්තා හා ළමා කාර්යංශය පවසයි.
මෙම සමාජ මාධ්‍ය වෙබ් අඩවි සෙවීම පොලිස් කාන්තා හා ළමා කාර්යංශය විසින් ආරම්භ කරනු ලැබුයේ පළමු වතාවට බව ඒම කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මනෝජ් සමරසේකර මහතා අද (06) පැවසීය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ සහය ඇතිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ද හෙතෙම සඳහන්කලේය.
15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියක් හෙලි වීමත් සමග එම කටයුත්ත සිදුකළ වෙබ් අඩවියේ නිර්මාණකරු හා ඔහුගේ සහායක අත් අඩංගුවට ගත්තේ යැයි ද තවත් එවැනිම වෙබ් අඩවියක් පිළිබඳ පරික්ෂණ සිදුකෙරෙමින් පවතිතැයි ද ඔහු කියා සිටියේය.
එවැනි වෙබ් අඩවි සොයා මෙහෙයුමක් සිදුකරන්නැයි මහේස්ත්‍රාත් නියෝගයක් ද කාර්යංශයට ලැබී ඇතැයි සමරසේකර මහතා තවදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාද වී හෝ ගත් පියවර අගනේය. අපේ මිනිසුන් අඬන්න ඇහැට ඇඟිල්ලෙන් අනිනකන්ම ඉන්නවා. අන්තර්ජාලයේ ඇති මෙවැනි දේ ගැන මීට පෙර අවස්ථා වලදී අප පෙන්වා දී තිබෙනවා. ඒත්, ඒවා ගැන කිසි සැලකිල්ලක් දක්වා ඇති බවක් නම් පෙනෙන්නට නැහැ.
ඕවාට "බිලි ගන්නා" කියන්නත් බැහැ ඉතිං. මොකද බොහෝවිට ඔවුන්මනේ ඔය අඩවිවල දැන්වීම් පලකරන්නෙ...
ඔන්ලයින් එපා කියන්නේ ඔන්න ඕකට තමයි. ඒවාට ඇබ්බැහි වෙන හින්දා... ඕවා තේරෙනකොට ආණ්ඩුව මාරුවෙලා තියෙයි.