(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන වාර්ෂික කොන්ත්‍රාත්තුව ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 24 දෙනා තව දුරටත් ගිවිසුමට අස්සන් නොකිරීමට තීරණය කර ඇතැයි ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.
එම ක්‍රීඩකයන් 24 දෙනා හෙට පෙරවරුවේ ගිවිසුමට අස්සන් කළ යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී ඇති බව වාර්තා වේ.
එම ක්‍රීඩකයන් 24 දෙනා සහ ඔවුන් වෙනුවෙන් කටයුතු කරන නීතිඥා නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා ‘වට්ස්ඇප්’ ඔස්සේ අද (05) සාකච්ඡා කළ බවත් එහිදී ගිවිසුමට අස්සන් නොකිරීමට තීරණය කළ බවත් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්ෂික කොන්ත්‍රාත්තුව සඳහා ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමට යොදාගත් ලකුණු පටිපාටිය ඉල්ලා සිටිමින් මෙම ක්‍රීඩකයන් 24 දෙනා ගිවිසුමට අස්සන් කිරීම ප්‍රතික්ෂේප කළහ.
එංගලන්ත සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයට ප්‍රධාන කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයෝ 14 ක් පමණ ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ සිට අද රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ත්‍රාත් දීලාම ඉල්ලීම් ඉටු කරන්න ඕන තමයි ඒ ගොල්ලන්ට... ක්‍රීඩකයොත් එකයි, පාලකයොත් එකයි. ලංකාවට ක්‍රිකට් තහනමක් පැනෙව්වා නම් හරි යයි..
වැඩි පඩි දීලා තියාගන්නම ඕනෙම පිරිසක්... අලුත් අයට තැන දෙන්න. අසේල ගුණරත්න, ඩිල්ෂාන් මුණවීර, ඇන්ජලෝ පෙරේරා දක්ෂ ක්‍රීඩකයන්...
අප රටේ ප්‍රධාන පුරවැසියාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව සදහටම තහනම් කරන ලෙසයි. එමගින් මහජන මුදල් අතිවිශාල මුදලක් ඉතිරිකර ගත හැකි බැවින්... එලෙසම වඩාත් වැදගත් වන්නේ අහිංසක මිනිසුන්ගේ ලේ කුපිත කරනසුළු මෙන්ම ඒ මිනිසුන්ගේ බලාපොරොත්තු සුන්නත් දූවිලි කරන, ඒ මිනිසුන්ගේ වටිනා කාලය කාදමන මෙම "කාලකන්ණි අති අදක්ෂ ක්‍රීඩකයින්ගේ හැසිරිම් රටාව " තවදුරටත් ලක්වැසියන්ට දැකීමට අවශ්‍යම නැත. එමෙන්ම විනයක් නැති මෙම ක්‍රිකට් ක්‍රීඩකයන් සියල්ලන්ටම මඩු වලිගයෙන් ප්‍රසිද්ධියේම තැලිය යුතුයි. මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව අපි තමයි ක්‍රිකට් ඔස්තාර්ලා යයි තමන්ම කියාගන්නා අප රට නියෝජනය කරන සියලුම අයට මෙන්ම ක්‍රිකට් නිසා තම බඩ ගෝස්තරය රැකගන්න සියලුම නිවට පිං නිලධාරීන්ට කියවීමට හැකි වේවා...!!!
අවුලක් නෑ. ඉන්දියාවෙන් එවලා තියෙන්නේ කජු කිරි කොල්ලෝ කණ්ඩායමක්නේ. අපිත් ඒවගේ කණ්ඩායමක් තෝරාගෙන ඉතා ඉහළින්ම පරදිමු...
ඔය අයව ඔහොමම ගෙදර යැවුවොත් නරකද.? රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද.?