(ඩයනා උදයංගනී)
තවත් දුම්රිය යකිහිපයක් අද (6) සිට ධාවනය කරවීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
රට තුළ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා උල්ලංඝනය නොවන පරිදි ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ මෙම දුම්රිය ධාවනය කරන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස, වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා නව දුම්රිය ගමන් වාර 6 ක්‍රියාත්මක අතර වේයන්ගොඩ සහ කොළඹ කොටුව අතර සීඝ්‍රගාමී දුම්රියක් ද ධාවනය කෙරේ.
මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම සහ කොළඹ කොටුව අතර අද සහ හෙට දිනවල අමතර දුම්රියක් ධාවනය කෙරේ.
එම නව ගමන්වාර ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සිය නිල ෆේස්බුක් පිටුවේ මෙසේ පළ කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd