(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පියාට අමානුෂික අයුරින් පහර දුන් පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන නාගරික මන්ත්‍රිවරයෙකි.
පියාට අයත් උළු තොගයක් වෙනත් අයකු ට ලබා දිමක් සම්බන්ධව පියා හා පුතා අතර වචන හුවමාරුවක් සිදුවිමෙන් පසු නාගරික මන්ත්‍රිවරයා පියාට මෙසේ පොලු මුගුරු වලින් පහර දි ඇති බව ඔහු පුත්තලම මුලස්ථානයට ලැබුණු පැමිනිල්ලක් අනුව ඔහු අත්අඩංගුව ගෙන තිබේ.
පහර කෑමට ලක්වු පියා පොලිසියට පැමිණිලි කිරිමේන් පසුව අනුරාධපුර තම බාල පුතුගේ නිවසට ගොස් ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුදහම උදාහරණයට ගන්නකොට ප්‍රවේසම් වෙන්න. පියාට හිරිහැර කිරීම සම්බන්ධව උදාහරණයට එන්න ඕනේ දෙව්දත් නෙමේ... අජාසත්ත..
පුදුමයි පක්ෂෙ නම දැම්මා, පොහොටටුවේ හැර වෙනත් පක්ෂවල නම් ඉක්මණට දානවා.
ඔන්න සාගර මහතාණෙනි, මෙයාවත් පක්ෂයෙන් ඉවත් කරන්න. කොහොමත් මේ වගේ අපරාධ, ස්ත්‍රී දූෂණ, චෝදනා එල්ලවෙන 78%ක් පොහොට්ටුවේ අය... එක්කෝ පොහොට්ටුව තියේවි.. නැතිනම් නැතිවෙලාම යාවි...
කවුරුත් දන්නවනෙ පුත්තලමෙ ඉන්නෙ මොන වගෙ අයද කියල.
ඊළඟ මැතිවරණයෙදී පුත්තලමෙන් වැඩි චන්දෙන් මැති සභයට.
මේ වගේ ගොන් තකතීරුවන් ඉන්නකම් රටට හරි යයිද? මොවුන්ගෙන් ජනතා සේවයක් බලාපොරොත්තු විය නොහැක..