සුජීව සේනසිංහ දේශපාලනයෙන් සමුගනියි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමැති සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. 29 September 2020
ලලිත් ජයසිංහගේ පැමිණිල්ල විභාග කර අවසන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන් බව එම කොමිසම අද (29) දැනුම් දුන්නේය. 29 September 2020
තරගයට ගිය බස් රථ දෙකක් ගැටී 9 ක් රෝහලේ රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කහවත්ත වැල්ලදුර බෝධිය අසළ දී අද (29) පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් 9 දෙනෙකු තුවාල ලබා කහවත්ත මුලික රෝහලට ඇතුළත් කර ඇති බව කහවත්ත පොලිසිය පවසයි. 29 September 2020
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ සුරාබදු නියාමකයකු අල්ලයි රුපියල් කෝටියක ආසන්න ‘මැන්ඩි’ නමැති මත්ද්‍රව්‍ය සමඟ සුරාබදු නියමකයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 29 September 2020
20 ට එරෙහි පෙත්සම් අද 10.00 ට කැඳවයි විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එැබැවින් එම කෙටුම්පත ජනමත විචාරණයකින් හා විශේෂ බහුතර මන්ත්‍රී සංඛයාවකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ 11 ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (29) පෙරවරු 10.00ට කැඳවනු ලැබේ. 29 September 2020
ඉන්දියාවේ ආධාරත් ව්‍යවස්ථා සංශෝධනත් අතර සම්බන්ධයක් නෑ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහන හා ආධාරත් ව්‍යවස්ථා සංශෝධනත් අතර කිසිම සම්බන්ධයක් නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 28 September 2020
ලක්ෂ 50 ක මත්කුඩු සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට අතුරුගිරිය මාලබේ 10 කණුව ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 50 අධික වටිනා හෙරෙයින් මත්කුඩු තොගයක් සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය කියයි. 28 September 2020
ගෙදරට එවූ ඖෂධ වැරදී දෑස් අන්ධ වූ සිසුවාට මුල්‍ය පරිත්‍යාගයක් කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16 හැවිරිදි දරුවාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කෙරිණි. 28 September 2020
‘විස්ස අධ්‍යයනයට ශ්‍රීලනිපයෙන් කමිටුවක්‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දස දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ. 28 September 2020
සැප බස් රථ 100 ක සේවාවක් ළඟදීම කොළඹ ඇතුළු තදාසන්න නගර ආශ්‍රිතව නිරන්තරව පවතින මාර්ග තදබදයට පිළියමක් වශයෙන් නගරාන්තර සුඛෝපභෝගී බස්රථ 100 ක සේවාවක් ළඟදීම ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (25) පැවසීය. 28 September 2020
බේරුවල ප්‍රා.සබේ විදුලි සේවකයකුට මන්ත්‍රීවරයෙක් පහරදෙයි බේරුවල ප්‍රාදේශීය සභාවේ විදුලි සේවකයකු වන අජිත් දයාවංශ (53) නැමැත්තාට එම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු අද (28) පෙරවරුවේ පහර දී ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි. 28 September 2020
කසළ එවූ එංගලන්ත සමාගමෙන් ශ්‍රී ලංකාව වන්දි ඉල්ලයි ජත්‍යන්තර නීති රිති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට කසල අපද්‍රවය බහාලුම් 263 මෙරටට එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එංගලන්තයේ සමාගමෙන් වන්දි ලබා ගැනීමට ඉදිරියේ කටයුතු කරන බව රේගුව පවසයි. 28 September 2020
‘ජනමත විචාරණයකට රජය සූදානම්’ විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට රජය අපේක්ෂා කරන්නේ යැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය. 28 September 2020
අපරාධකරුවන් 33දෙනෙකු බූස්සට මාරු කරන්න යයි බන්ධනාගාරවල සිට ජංගම දුරකතන මගීන් මත්කුඩු ජාවාරම ඇතුළු විවිධ අපරාධවල නිරතව සිටි බවට හඳුනාගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 33දෙනෙකු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට බන්ධනාගාර මූලස්ථානය සූදානමින් සිටින බව පැවසේ. 28 September 2020
රේගුවට මඩ ගාන රේගුවේම නිලදරුවෝ කහ සහ කාර් මාතෘකා දෙකම මේ වනවිට රටේ ‘‘සුපර් හිට්’’ ගණයට වැටී තිබේ. මේ මාතෘකා දෙකට අදාළ භාණ්ඩ දෙකම අත්‍යවශ්‍යය. එකක් ආහාර රසවත් කිරීම සඳහාය. අනෙක ගමනාගමන පහසුකම් සඳහාය. එහෙත් මේ භාණ්ඩ දෙකම රටට නොගෙන්වීම හේතුවෙන් ඒ ගැන කතාබහ බෙහෙවින් උණුසුම් කටගැසුම් බවට පත්ව තිබේ. සමහරුන්ට කහ කියූ පමණින් රතු කට්ට පනින තරමට මාතෘකාව අජීර්ණය. එහෙත් රේගුවේ ඇතැම් නිලධාරීන් නම් මේ මාතෘකා දෙක මුදල් ගලන උල්පත් බවට හරවාගෙන තිබෙන බවට පසුගිය දිනවල වාර්තා පළ විය. 28 September 2020
අනියම් බිරියට පොරොවෙන් කොටා කෑලිකපා පුච්චා ඇටකටු මාඔයට දාලා දින34 කට පමණ පෙර අතුරුදන්ව සිටි බව කියන ඉබ්බාගමුව පල්ගොඩපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක පොල්ගහවෙල ප්‍රදේශයේදී පොරවකින් කපා කොටා ඝාතනය කර මළ සිරුරේ කොටස් පොහොර උරයක දමා මෝටර් රථයකින් අලව්ව ප්‍රදේශයට ගෙනැවිත් පුළුස්සා, ඉතිරි වූ සිරුරු කොටස් මා ඔයට දමා තිබියදී පෙරේදා (26) සොයාගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය කියයි. 28 September 2020
බිරියට කාරයක් ගන්න ටියුෂන් ගුරු කුඩු ජාවාරමේ රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් හා කේරළ ගංජා තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි උපකාරක පන්ති ගුරුවරයකු ඇතුළු තිදෙනකු සීදුව ප්‍රදේශයේ දී පෙරේදා (26) පස්වරුවේ මීගමුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි. 28 September 2020
දූෂණ විරෝධී කාර්යාලයක් ගැන මලික් දැනගෙන ඉඳලා නෑ යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ විරෝධී කමිටු කාර්යාලයක් ස්ථාපිත කර තිබුණේදැයි තමා නොදන්නා බව එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද (28) ප්‍රකාශ කළේය. 28 September 2020
ටෙනිසන් කුරේ දිවි රඟ මඬලින් සමුගනී ප්‍රවීණ, හාස්‍යොත්පාදක රංගන ශිල්පියෙකු වූ ටෙනිසන් කුරේ මහතා අද(28) මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ. 28 September 2020
විදුහල්පතිවරයෙක් ඉවත් කරන්නැයි උද්ඝෝෂණයක් මාතර, කොටුව ජනාධිපති විද්‍යාලයට අලුතින් පත් කළ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු එම තනතුරින් ඉවත් කරන්නැයි ඉල්ලා එහි දෙමාපියන් හා ආදී ශිෂ්‍යයින් පිරිසක් අද (28) උදෑසන මාතර ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිට ආරම්භ කළ උද්ඝෝෂණයක් නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති විය. 28 September 2020
කෝටියක කේරළ ගංජා තොගයක් තල්පාඩු වෙරළේ සඟවලා මන්නාරම තාල්පාඩු මුහුදු වෙරළෙහි සඟවන ලද රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 48 ක් අද (28) සොයාගත් බවට මන්නාරම යුද හමුදාව පවසයි. 28 September 2020
කාන්තාවක් පැහැරගෙන යමින් සිටි ත්‍රිරෝද රියක් ඇළට පෙරැළෙයි දෙදරු මවක් (23) බලහත්කාරයෙන් රැගෙන යමින් සිටි ත්‍රි රෝද රථයක් හැව්ලොක් පාරේ ඇළට පෙරැළීමෙන් පසු ත්‍රි රෝද රථය ගොඩට ගෙන කාන්තාව බේරාගෙන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 28 September 2020
උතුරේ හර්තාල් උතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීමට විරෝධය පාමින් අද (28) උදෑසන සිට උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. 28 September 2020
වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදීපයට පැවසීය. 27 September 2020
කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තිදෙනෙකුට කොරෝනා කුවේට්යේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවකයින් තිදෙනෙකුට හා එම තානපති කාර්යාලය බාරයේ පවත්වන සුරක්ෂා නිවාසයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 44 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 27 September 2020
ශ්‍රී ලංකාව දෙවැනි තැනට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව යනාදී සියලු කරුණුවලදී රටවල් 108 ක් අතරින් දෙවැනි තැනට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. 27 September 2020
කුඩු පැකට් එකට මරාගනී හෙරොයින් මත්කුඩු පැකට්ටුවකට මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අද (27) එක් පුද්ගලයෙකු අනෙකාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. 27 September 2020
ඉන්දීය අගමැති මෝදි 13 ඕනෑම බව කියයි ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. 27 September 2020
ලක්ෂ 50ක කහ තොගයක් පේසාලේහිදී ලොරියකින් සොයාගනී ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන්වූ බවට සැකකෙරෙන, ලක්ෂ 50ක් පමණ වටිනාකමින් යුතු වියළි කහ කිලෝ 1024යි ග්‍රෑම් 245ක් සමඟ ලොරි රථයක් මන්නාරම, පේසාලේ පෙරියකාසල් ප්‍රදේශයේ දී සිය බාරයට ගත් බව පේසාලේ පොලිසිය කියයි. 27 September 2020
සුවය ලැබූ ආසාදිතයන් ගණන 3200 ඉක්මවයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 22දෙනකු සුවය ලබා අද(27) පිටව ගිය බැවින් සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3200 ඉක්මවූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 27 September 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026