පරිසරය වැනසෙන සේ ඉඩම් කට්ටිකිරීම නවත්වමු සතුටින් සිටීමේ ප්‍රථම කොන්දේසිය වන්නේ මිනිසා සහ සොබාදහම අතර බැඳියාව නොකැඩීම බව රුසියානු මහ ගත්කරු ලියෝ තෝල්ස්තෝයි වරක් ප්‍රකාශ කළේය. එසේ නම් මේ බැඳියාව කඩා බිඳ දැමීම මිනිසාගේ සතුට විනාශ කිරීමකි. එසේ නොකර සොබාදහම සමඟ සම්බන්ධතාව පවත්වාගෙන යාමටද වෙනම කොන්දේසියක් තිබේ. ඒ පරිසරය රැක ගැනීමයි. සොබාදහමට අනුකූල වන සේ අප අවට පරිසරයද රැකගත හැකි නම් අප සියලුදෙනාගේම සතුටද රැකෙනු ඇති බව මේ සියල්ලේ යථාර්ථයයි. 30 September 2020
ගිනිගත්හේන නාවලපිටිය මාර්ගයේ කොටසක් නායයයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් ආරක්ෂිත පැති බැම්මක් සමඟ නාය ගොස් තිබේ. 30 September 2020
’රත්මලානේ අංජුගේ’ ගෝලයෙක් ලක්ෂ 4ක හෙරොයින් සමඟ දැලේ දැනට විදේශ ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ’රත්මලානේ අංජු’ නැමැත්තාගේ ගෝලයෙකු රුපියල් ලක්ෂ 4 ක හෙරොයින් මත්කුඩු සමග රත්මලාන දුම්රිය පොළ අසල දී අද (30) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 30 September 2020
බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරුට චෝදනා 5 ක් චෝදනා පහක් යටතේ බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගත්බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ තිලක් යු ගමගේ මහතා අද (29) පැවැසීය. ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම පළාත් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වමිනි. 29 September 2020
රාජ්‍ය බුද්ධි අංශය ප්‍රමුඛත්වය දුන්නේ වෙන දේවල්වලට දේශපාලන හේතූන් මත 2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළියට මාස කිහිපයකට පෙර සිටම රාජ්‍ය බුද්ධි අංශය ජාතික ආරක්ෂවට වඩා ප්‍රමුඛත්වය දුන්නේ වෙන වෙන දේවල්වලට යැයි හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (29) පැවසීය. ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. 29 September 2020
විස්සෙන් ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතෙන් පාර්ලිමේන්තුවේ බලය සෘජුවම අභියෝගයට ලක් වී ඇති බවත්, එමඟින් ජනතාවගේ ස්වෛරීභාවය සෘජුවම උල්ලංඝනය වී ඇතැයි ද එම පනත් කෙටුම්පතට එරෙහි ගොනු වී ඇති විශේෂ පෙත්සම් විභාගයේ දී පෙත්සම්කාර සමගි ජනබලවේගයේ මහලේකම් වෙනුවෙන් පෙනී සිට නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා අද (29) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේය. 29 September 2020
හෙළිදරව්වකට අභියෝග කිරීම ත්රස්තවාදයට උඩගෙඩිදීමක් තමයි අයිඑස් මතවාදයට නැඹුරුවන ශ්‍රී ලාංකිකයන් හා අන්තවාදී මත දරන්නන් ගැන මා මාස තිහකට පෙර පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අභියෝගයට ලක් කරනවා වෙනුවට සැළකිල්ලට ලක් කළේ නම් පාස්කු ඉරුදින ප්‍රහාරයත් වළක්වාගෙන ආණ්ඩුවත් එජාපයත් දෙකම රැකගන්න තිබුණා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. 29 September 2020
20 ට එරෙහිව සමගි ජනබලවේගයෙන් විරෝධතා දිනයක් 20 වන සංශෝධනයට එරෙහිව ලබන ඔක්තොම්බර් පස්වෙනිදා විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ. 29 September 2020
ආරුක්කු නවයේ පාලම ජාතික උරුමයක් කරන්න යයි බදුල්ල-දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ හමුවන ආරුක්කු නවය පාලමට වසර 100 පිරෙන 2021 වසරේ දී පාලම ජාතික උරුමයක් බවට ගැසට් කර ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් නිර්මාණය කරන බව සංස්කෘතික රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා පැවසීය. 29 September 2020
විස්සට එරෙහි පෙත්සම්වල වැඩිදුර විභාගය හෙට විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ විශේෂ පෙත්සම් 39 හි වැඩිදුර විභාගය හෙට( 30) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 29) තීරණය කළේය. 29 September 2020
කඩාවැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු රිමාන්ඩ් මහනුවර, බූවැලිකඩ කඩාවැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අනුර ලෙව්කේ මහතා ලබන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත්වරයා අද (29) නියම කළේය. 29 September 2020
ඇමෝනියා කිලෝ 300ක් පොලිස් බාරයට වී ප්‍රවාහනය කරන මුවාවෙන්, වී උර අතර සඟවා ලොරි රථයකින් අනුරාධපුරයට ප්‍රවාහනය කරමින් තිබු ඇමෝනියා කිලෝ 300ක් අඩංගු උර 6 සමඟ සැකකරුවෙකු ලොරි රථයක්ද සමග අද (29) කුලියාපිටිය කොට්ඨාස රථවාහන අංශ නිලධාරින් විසින් පන්නල , තලම්මැහැරදී පොලිස් බාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි. 29 September 2020
විස්ස පාර්ලිමේන්තුවට දාන්නේ එක මතයක ඉඳන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ අතර සංවාදයක් ඇතිව තිබෙන නමුත් අවසානයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ, ආණ්ඩුව ලෙස එක මතයක සිටිමින් යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පැවසීය. 29 September 2020
බල්ලකු සපා කෑ සිසුවා රෝහලේ දී මිය යයි මෙයට මාස එකහමාරකට පමණ පෙර අයාලේ යන බල්ලෙකු සපා කන ලද පාසල් සිසුවෙකු අසනීප වීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු අද (29) මියගිය බව රෝහල් පොලිසිය පවසයි. 29 September 2020
ආණ්ඩු - දේශපාලන පක්ෂ පිහිටුවිමේ බලාපොරොත්තු මට නෑ ආණ්ඩු පිහිටුවිමේ හෝ දේශපාලන පක්ෂයක් පිහිටුවිමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත් විනයගරුක, නීතිගරුක සාධාරන සමාජයක් ගොඩනැගීම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ අරමුණ බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී අද(29) පැවසීය. 29 September 2020
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඉන්දීය කාර්යාලය වසා දමයි ඉන්දීය රජය බැංකු ගිණුම් රාජසන්තක කිරීම හේතුවෙන් එරට තුළ ක්‍රියාත්මක කරන සිය කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අද (29) නිවේදනය කළේය. 29 September 2020
2015 ජනාධිපතිවරණ දැන්වීම්වලින් කෝටි 20ක් පාඩුයි 2015 ජනාධිපතිවරණයට අදාළව දැන්වීම්වලට මුදල් අය කිරීමේ ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බැවින් රූපවාහිනී සංස්ථාවට රුපියල් කෝටි 20ක පාඩුවක් සිදුවී ඇති බව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අද (29) දැනුම් දුන්හ. 29 September 2020
පාඨලීට- වැලිකඩ හිටපු ඕඅයිසී අස්මඩලට රට ගමන් තහනමක් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතා, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන්ට රටින් පිටවීම තහනම් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (29) නියම කළේය. 29 September 2020
ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ශ්‍රි ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 29 September 2020
20ක් සුවය ලබා යති-රෝගීන් සංඛ්‍යාව 120 ට බසී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 20දෙනෙකු සුවය ලබා අද(29) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 29 September 2020
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රන් සම්මානයක් අලෙවිකරණ සන්නිවේදන ප්රයත්නයන් හි ගෝලීය ආකර්ෂණීය බව අඛණ්ඩව සනාථ කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2020 පාටා (PATA ) සම්මාන උළෙලේ දී රන් සම්මානයක් දිනා ගැනීමට සමත් වී තිබේ. 29 September 2020
අමාත්‍ය උපදේශකයන් පත්කිරීමේදී ජනපතිගෙන් කොන්දේසි 3 ක් අමාත්‍යවරුන්ට හිතුමතේ උපදේශකයින් පත්කරගැනීමට තිබූ අවස්ථාව අහිමි කරමින් උපදේශකයින් පත්කිරීමේදී සැලකිලිමත් විය යුතු නිර්දේශ තුනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබේ. 29 September 2020
ලක්ෂ 40 ක කහ සමඟ අයෙක් අත්අඩංගුවට මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමින් යුත් වියලි කහ කිලෝ 946 ක් සමඟ සැකකරුවෙකු යුද හමුදාවේ කොමාන්ඩෝ බලකා සෙබලුන් පිරිසක් විසින් අද (29) දින අත්අඩංගුවට ගනු ලැබීය. 29 September 2020
විස්සට රජය සංශෝධන ඉදිරිපත් කළ බව නීතිපති අධිකරණයට දන්වයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ දී සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කර ඇතැයි නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 29 September 2020
විස්සට එරෙහි පෙත්සම් අගවිනිසුරු ඉදිරියේ කැදවීම ගැන පෙත්සම්කරුවෙකුගේ විරෝධය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු වී ඇති විශේෂ පෙත්සම් විභාගය අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ කැදවීම සම්බන්ධයෙන් එක් පෙත්සම්කරුවෙකු මෝසමක් මගින් අධිකරණය හමුවේ සිය විරෝධය පළ කළේය. 29 September 2020
බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට මහනුවර, බූවැලිකඩ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියට කැඳවීමෙන් පසු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 29 September 2020
විස්සට පක්ෂව ඇමැතිවරු 3 ක් ඇතුළු 7 කගෙන් අතරමැදි පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව අතරමැදි පෙත්සම් 7 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත. 29 September 2020
නූතන යුගයේ දිසාපාමොක්ලා දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් මැදගම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් පිරිසක් වේලාසනින් පාසල නිමාකර මංගල කටයුත්තක් සඳහා බැහැර යාමත් සමග පාසල් දරුවන් ඇතුළු තමන් දැඩි අසීරුතාවට පත් වූ බව එම පාසලේ දරුවන්ගේ මව්පියන් චෝදනා කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. මෙම පාසලේ 1 වසරේ සිට 13 වසර දක්වා දරුවන් 800 ක් පමණ අධ්‍යාපනය ලබන බව ද අප ප්‍රවෘත්තියේ සඳහන් ය. 29 September 2020
මුඛ ආවරණ නැතිව අධිකරණයට පැමිණි විත්තිකරු රිමාන්ඩ් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට පෙනි සිටිම සඳහා මුඛ ආවරණයක් නොමැතිව පැමිණ අධිකරණයේ පොලිස් නිලධාරින් සමඟ බහින් බස්වු පුද්ගලයෙකු ලබන 2 වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 29 September 2020
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියාගේ වැඩ තහනම් රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් මැන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653 මිලිග්‍රෑම් 380 ප්‍රවාහනය කළ බව කියන සුරාබදු නියාමක වරයකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය. 29 September 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026