ලක්ෂ 50ක ’අයිස්’ සමඟ දෙදෙනෙකු මීගමුවේදී දැලේ රුපියල් ලක්ෂ 50 ට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු මීගමුව දාගොන්න ප්‍රදේශයේ දී අද (1) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 October 2020
අමාත්‍යංශ ලේකම්ගේ වාහනයේ කුලිය හාරලක්ෂය ඉක්මවයි කම්කරු අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් කුලී පදනම මත ලබාගෙන ඇති වාහනය සඳහා මාසයකට රුපියල් 425,000ක් ගෙවනු ලබන බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 01 October 2020
සමන් වීරසිංහ අගමැති උපදේශක තනතුරට අග්‍රාමාත්‍ය උපදේශක තනතුර සඳහා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති, කැලණිය රාජමහා විහාරයේ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (30) සිට ක්‍රියාත්මක පරිදි පත්කරනු ලැබ ඇත. 01 October 2020
රාහුල් - ප්‍රියංකා පොලිසියෙන් රඳවා ගනී රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි දෙදෙනා හත්රාස් බලා යමින් සිටියදී උත්තර් ප්‍රදේශ් පොලිසිය විසින් රඳවා ගනු ලැබූ සිටිති. ඔවුන් දෙදෙනා පසුගියදා සමූහ දූෂණයට ලක්ව මියගිය උත්තර් ප්‍රදේශ් කාන්තාවගේ පවුලේ සාමාජිකයන් හමුවීම සඳහා හත්රාස් බලා යමින් සිටියහ. 01 October 2020
අධි බලැති විදුලි රැහැන් කණුවක නැගී විරෝධතාවක වැල්ලම්පිටිය දෙමටගොඩ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් මේ වන විට මතුව ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය පවසයි. 01 October 2020
’මත්තෙගොඩ කට්ටා’ ඇතුළු 7ක් මත්කුඩු සමඟ අල්ලයි මත්කුඩු ජාවාරමක ප්‍රධාන සැකකරු වන ’මත්තෙගොඩ කට්ටා’නමැත්තා, ඇතුළු 7 දෙනකු ගංජා ග්‍රෑම් 30ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 2340ක් සමග අද(01) අත්අඩංගුවට ගත් බව මත්තෙගොඩ පොලීසිය පවසයි. 01 October 2020
ළමා දිනය - වැඩිහිටි දිනය දින දර්ශනයට සීමා නොකරමු ජාත්‍යන්තර ළමා දිනය හා ජාත්‍යන්තර වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. සමාජයේ පොදු ආදරයත් රැකවරණයත් විශේෂයෙන්ම හිමි විය යුතු දෙපිරිසක් ලෙස ළමයා සහ වැඩිහිටියා හැඳින්විය හැකිය. ඒ වෙනුවෙන් මිනිස් සමාජයේ පොදු අවධානය යොමු කිරීම සඳහා වෙන් වූ ඔක්තෝබර් 1 වැනි දිනය එම දිනයේ අරුත වඩාත් ඉහළින් ඔප් නැංවීමට සමත් වූ දිනයක් බවට පරිවර්තනය කර ගැනීමේ වැදගත්කම අප ඉදිරිපිට තිබේ. 01 October 2020
මන්ත්‍රී පුතා අත්අඩංගුවට නොගැනීමට විරෝධය කල්පිටිය අන්තර් සමුද්‍ර පිරිවෙණේ සාමණේර හිමිවරුන්ට බැණ වැදී තර්ජනය කිරීම සහ බොදු සුසාන භූමියේ නාම පුවරු බිඳ දැමීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සහාවේ පොදු ජන එක්සත් පෙරමුණු (පොහොට්ටුවේ)මන්ත්‍රී පුතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සාමකාමී උද්ඝෝෂණයක් එම පිරිවෙන ඉදිරිපිට මාර්ගයේ අද (1 ) පැවැත්විණි. 01 October 2020
’දෙල්කඳ උසා’ ඇතුළු 5ක් අත්අඩංගුවට නුගේගොඩ ඇඹුල්දෙනිය ප්‍රදේශයේදී හා දෙල්කඳ ප්‍රදේශවල දී සිදුකළ වැටලීම් වලින් රුපියල් ලක්ෂ 14 පමණ වටිනා හෙරොයින් මත් කුඩු සමඟ පුද්ගලයන් 5දෙනෙකු අද (01) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි 01 October 2020
රේගුවට කෝටි 4ක බදු අහිමි කළ රට බීම වතුර වෙයි රජයේ තීරුබදු ගාස්තුවලින් නිදහස්ව දේශිය වෙළෙදපොළට නිකුත් කිරීමේ දී හෝ ප්රතිඅපනයනයේ දී තීරුබදු ගෙන්වීමේ පදනම් මත මාලදිවයිනේ සිට මෙරටට ආයනය කර තිබු විදේශ මත් පැන් ලීටර් 11,257 ක අඩංගු කන්ටේනරයක් තිබු මත්පැන් ඉවත් කර ඒ වෙනුවට පානීය ජලබෝතල් පිරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රේගු නිවාරණය අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත. 01 October 2020
කෝටි හයක වාලම්පුරි දෙකක් සමඟ සිව්දෙනෙක් අල්ලති රුපියල් කෝටි 6 ක් පමණ වටිනා ටයිටන් වර්ගයේ වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අද (1) ඉමදුව, කොදාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කළුතර පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකය පවසයි. 01 October 2020
චීන ඉංජිනේරුවෙකු ලක්ෂ තුනක දුම්වැටි සමඟ පෑලියගොඩින් අල්ලයි පෑළියගොඩ ප්‍රදේශයේ වැඩ බිමක සේවයේ නිරත සේවකයින්ට දුම්වැටි අලෙවියේ නිරත වූ එම වැඩ බිමෙහිම සේවයේ නිරත චීන ජාතික ඉංජිනේරුවරයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුත් තීරු බදු රහිත දුම්වැටි තොගයක් සමගින් අද (01) අලුයම අත්අඩංගුවට ගත් බව කොළඹ නාගරික සුරාබදු මධ්‍යස්ථානය පවසයි. 01 October 2020
නවගත්තේගම ප්‍රා. සබා මන්ත්‍රී සූදු කෙළිද්දී අත්අඩංගුවට නවගත්තේගම හිනාගම පවත්වා ගෙන ගිය සූදුපොළක සූදු කෙළිමින් සිටි නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගත හැකි වු බව නවගත්තේගම පොලිසිය කියයි. 01 October 2020
ලක්ෂ 30 ක කේරල ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට මීගොඩ උඩගේ වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් පුද්ගලයෙක් අද (30) අත්අඩංගුවට ගත්බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. 30 September 2020
ජේ.ආර් ගේ ව්‍යවස්ථාවට වඩා ජී.ආර්.ගේ ව්‍යවස්ථාව බරපතලයි විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අදහස් දැක්වූ මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා කියා සිටියේ ජේ.ආර් ගේ ව්‍යවස්ථාවට වඩා ජී.ආර්. (ගෝඨාභය රාජපක්ෂ) ගේ ව්‍යවස්ථාව බරපතල බව පෙනෙන බවය. 2015 දී ජනතාව නැගී සිටියේ රාජ්‍ය මැදිහත් වීමකින් තොරව ස්වාධීනව කටයුතු කිරීම වෙනුවෙනැයි ද ජනාධිපතිත් ආණ්ඩුවත් සිතා සිටින්නේ ප්රජාතන්ත්රවාදී රටාව ඉවත් කිරීමට යැයි ද ඔහු සඳහන් කළේය. 30 September 2020
ආරක්ෂක කවුන්සිලයේදි ජනාධිපතිවරයාට ඉහළින් කව්රුවත් යන්නේ නෑ ආරක්ෂක කවුන්සිලයේදි ජනාධිපතිවරයාගේ ගනු ලබන තීන්දුවක් හෝ නියෝගයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට, යෝජනා ඉදිරිපත් කිරිමට හෝ එහි වෙනසක් කිරිමට අගමැතිවරයාට හෝ වෙනත් කිසිවෙකුට හැකියාවක් නැති බවත් කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවන බවත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (30) පැවසීය. ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. 30 September 2020
‘20න් අධිකරණයේත් ව්‍යවස්ථාදායකයේත් බලය දුර්වල වෙනවා‘ ජනතාවගේ ස්වෛරීභාවය යන සංකල්පයට හා රටේ බුදුදහමට ලැබී ඇති ප්රමුඛත්වයට කිසිවෙකුට හානි කිරීමක් සිදු කළ නොහැකි බවත් , එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන සංශෝධනයකින්වත් වෙනස් කළ නොහැකි යැයිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා මෙම පනත් කෙටුම්පතට එරෙහිව සහ පක්ෂව ගොනු වී ඇති පෙත්සම් විභාගයේදී පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (30) කියා සිටියේය. 30 September 2020
දිස්ත්‍රික්කයකින් 2000 ක් විදේශ රැකියාවලට එක් දිස්ත්‍රික්කයකින් විරැකියාවෙන් පෙළෙන 2000 ක් පමණ තෝරාගෙන ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩ පිළිවෙලක් සැකසිය හැකි බවත් ඉදිරි පස් අවුරුදු සැළැස්මේ මේ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳ පොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසීය. විදේශ රැකියා සඳහා යාමේ දී අවශ්‍ය කරන පවුල් පසුබිම් වාර්තාවන්හි අඩංගු විය යුතු කරුණු ගැන නැවත අධ්‍යයනය කර වර්තමානයට ගැලපෙන ලෙස සකස් කිරීමට පියවර ගන්නා බ 30 September 2020
දුම්රිය ගේට්ටුව වසා තිබියදී බසය ගෙනගිය රියදුරු - කොන්දොස්තර අත්අඩංගුවට දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ධාවනයට දුම්රිය ගේට්ටුව වසා දමා තිබීයදී දුම්රිය මාර්ගය හරහා සුභෝපභෝගී බස් රථයක් ධාවනය කරවූ රියදුරකු හා කොස්දොස්තර අද (30) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි. 30 September 2020
විපක්ෂ නායක වේදිකාවට ගල් ගැසූ දෙදෙනා රිමාන්ඩ් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් සිටියදී එම වේදිකාව දෙසට ගල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් දෙදෙනා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 7වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 30 September 2020
මාලගමුවට රට යන්න අවසර ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක පැවැත්වෙන ‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරගාවලිය සඳහා සහභාගී විමට ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට විදේශ ගතවීමට කොළඹ මහාධිකරණය විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (30) අවසර දුන්නේය. 30 September 2020
ඉන්දියාවෙන් මුදා හළ ධීවරයන් නිරෝධායනයට මුහුදු සීමා උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන මුදාහරින ලද ශ්‍රී ලංකාවේ බහුදින යාත්‍රා තුනක ධීවරයන් අද (30) පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර වරායට රැගෙන ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි. 30 September 2020
අයවැය නොවැම්බර් 17 දා පාර්ලිමේන්තුවට ලබන වසර (2021) සඳහා අයවැය නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (30) පැවැසීය. 30 September 2020
119 අමතා අසත්‍ය තොරතුරු දුන් කතක් අත්අඩංගුවට පොලිසියේ හදිසි ඇමතුම් අංශයේ දුරකතන අංකය(119) අමතා පුද්ගලයකුගේ මියයාම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදුන් බව කියන කාන්තාවක අද(30) අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලීසිය පවසයි. 30 September 2020
කටාන ව්‍යාපාරිකයකුගේ නිවසකින් කෝටි තුනක් කොල්ලකති මෝටර් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් අද කටාන කිඹුලාපිටිය අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට කඩා වැදී රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 30 September 2020
ගාලු කොටුවෙන් ඉපැරණි ගල් අඟුරු වළක් හමුවෙයි ගාල්ල කොටුවේ තිබී පැරණි ගල් අඟුරු වළක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි. 30 September 2020
විපක්ෂ නායක රැස්වීමට ගල් ගැසූ දෙදෙනකු අත්අඩංගුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ ජනහමුවකට සහභාගි වී සිටියදී ගල් ප්‍රහාර කීපයක් එල්ල කළ පුද්ගලයන් දෙදෙනෙක් අද (30) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි . 30 September 2020
සංචාරක හෝටල්වල විදුලිබිල ගෙවන්න වසරක සහන කාලයක් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ නියුතු හෝටල් හා වාසස්ථාන වලට විදුලිබිල ගෙවීමට වසරක සහන කාලයක් ලබාදෙන චක්‍රලේඛය නිකුත් වී ඇතැයි සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි. 30 September 2020
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී ඔප්පුවේ බර ලිහිල් කරයි පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී පදිංචිය සහතික කිරීම සඳහා ඔප්පුවක් නොමැති අවස්ථාවලදී වසර පහක් අඛණ්ඩව ඡන්ද නාමලේඛනයේ නම සඳහන් වීමත්, ප්‍රදේශයේ ග්‍රාම සේවක ඇතුළු අදාළ බලධාරීන් විසින් පදිංචිය තහවුරු කිරීමත් ප්‍රමාණවත් බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 30 September 2020
රිෂාඩ්ගේ මල්ලි මාස 5 කට පසු මුදාහරී පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රඳවා තබාගෙන ප්‍රශ්න කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බාල සොහොයුරු රියාජ් බදියුදීන් මහතා මාස පහකට පසු නිදහස් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. 30 September 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026