දෙවැනි වාර නිවාඩුව හෙට සිට ලබන සිකුරාදා (9) ලබාදීමට තිබූ පාසල් නිවාඩුව හෙට (5) සිට දිවයිනේ සියලුම පාසල් දරුවන්ට ලබා දීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. 04 October 2020
ගම්පහ පාසල් හෙට සිට සතියක් වහයි ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (5) සිට ලබන සිකුරාදා (9) දක්වා නොපැවැත්වෙන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජි.එල්. පිරිස් මහතා පවසයි. 04 October 2020
හිටපු ප්‍රා. සභාපති බලපත්‍රය කණපිට පෙරළයි හොරොව්පොතාන පහළ යාන් ඔය ව්‍යාපෘතියට අයත් වාගොල්ලාකඩ ජලයෙන් යටවන ප්‍රදේශවල මීට පෙර කැනීම් කළ වැලි වලවල් වැසීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ලබාදුන් බලපත්‍රයක් ළඟ තබාගෙන හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු මෙහෙයවන ලද මහා පරිමාණ වැලි ජාවාරමක් වැටලීමට ත්‍රිකුණාමලය සහ කැබිතිගොල්ලෑව යන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරුවල නිලධාරීහු අද (4) සමත්වුහ. 04 October 2020
දිවුලපිටියට-මිනුවන්ගොඩට ඇඳිරි නීතිය දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල පෙදෙස් වලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පනවා තිබේ. 04 October 2020
හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ නාවික ආරක්ෂකයකුට කොරෝනා ශ්‍රී ලංකා පොලිසිය විසින් හබරාදුව පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමුකර සිටි නාවික ආරක්ෂකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඔහු ඊයේ (03) රාත්‍රියේම හම්බන්තොට රෝහලට යැවීමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 04 October 2020
දිවුලපිටියේ කොරෝනා ආසාදිත කතක් අයිඩීඑච් රෝහලට දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීමෙන් පසු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 04 October 2020
කෙහෙළිය රිෂාඩ්ව එපා කියයි 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළද රිෂාඩ් බදියුදීන් තම පක්ෂයට එකතුවීම සම්බන්ධයෙන් තමන්ද විරුද්ධ වන බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය. 03 October 2020
මුහුදේ දියනෑමට ගිය 3ක් අතුරුදන් කොච්චිකඩේ කම්මල්තොට මෝය අසල මුහුදේ දියනෑමට ගිය තරුණ පිරිසක් අතර සිටි තිදෙනෙකු අද (03) පස්වරුවේ දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි 03 October 2020
ට්‍රම්ප් දින කිහිපයක් රෝහලේ නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව තහවුරු වීමෙන් පසු රෝහල් ගත කෙරුණු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටීමට සිදුවනු ඇතැයි වාර්තා වේ. 03 October 2020
ඉන්දියාවේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා වයිරස ආසාධිත මරණ ගණන අද (3) ලක්ෂය ඉක්මවා ගියේය. ඒ අනුව ලොව තෙවැනියට වැඩිම කොරෝනා වයිරස ආසාධිත මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. 03 October 2020
කෝටි 16 ක හෙරොයින් කිලෝ 16 ක් අල්ලයි රුපියල් කෝටි 16 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 16කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 7ක් වෙන්නප්පුව, කොස්වත්ත, කිරිමැටියාන ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද (03) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි. 03 October 2020
ලක්ෂ 5 ක මත්ද්‍රව්‍ය දෙහිවලින් අල්ලයි මහා පරිමාණයෙන් ඈෂ් සහ හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 5කට අධික වටිනා ඈෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ හෙරෝයින් ග්‍රෑම් 10 ක් රැගෙන ගිය ත්‍රිරෝද රථයද සමග නැදිමාල ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 03 October 2020
ට්‍රම්ප් රෝහල්ගත කරයි කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රෝහල් ගතකර ඇත. 03 October 2020
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවයි ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, ඔක්තෝබර් 4 වැනිදාට කල් පිරෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කරයට අදාළ මුදල සහ නියමිත පොළී මුදල් ගෙවා අවසන් කළ බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 02 October 2020
යළි නිර්මාණය වන්නේ 1978 ව්‍යවස්ථාවයි විසි වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් සලකා බැලීමේදී අධිකරණය තීරණය කළ යුත්තේ මෙම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතුද නැද්ද යන්න පමණක් බවත් නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේය. 02 October 2020
මනම්පිටියේ වැලි මිලදී ගන්න අලුත් ක්‍රමයක් මහජනතාවට අවශ්‍ය වැලි මිලදී ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා අද (02) පොලොන්නරුවේ මනම්පිටියේදී පැවැසීය. 02 October 2020
අධිකරණ නියෝග නොතැකූ බැංකු නිලධාරියාටත් ඇප රුපියල් කෝටි 49 ක් සංසරණය වූ බැංකු ගිණුම අත්හිටුවන ලෙස දුන් අධිකරණය නියෝගය කඩ කළ බැංකු විධායක නිලධාරීවරයා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට ගල්කිස්ස අධිකරණයේ මහේස්ත්‍රාත් උදෙශ් රණතුංග මහතා අද (2) නියෝග කළේය. විදෙස්ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන රත්මලාන ’කුඩු අංජු’ සහ මොරටුමුල්ල ’ඇල්ටෝ ධර්මේ’ නැමැති අපරාධකරුවන් විසින් මෙහෙයවනු ලැබු මත්කුඩු ජාවාරමේ මුදල් මෙම බැංකු ගිණුමට යොමු කර තිබිණ. 02 October 2020
එතෙර සුභසාධන අංශ වහන්න එපා‘යි ඉල්ලති විදේශ රටවල තානාපති කාර්යාලවලට අනුයුක්ත කර ඇති කම්කරු සුභ සාධන නිලධාරින් ගේ සේවය අත්හිටුවා ඔවුන් මෙරටට ගෙන්වීමට කම්කරු අමාත්‍යංශය ගෙන ඇති තීරණය නිසා අලුත් විදේශ රැකියා සොයාගැනීම් නවතින බවත්, දැනට විදෙස් ගත වී සිටින සේවකයින්ගේ ආරක්ෂාවට බාධා සිදුවන බවත් වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලි සේවක සංගමයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛාව මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත. 02 October 2020
ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව ඇරඹෙයි හෝමාගම පිටිපන ඉදිකළ ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සහ පර්යේෂණ හා සංවර්ධන පරිශ්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් (02) විවෘත කරන ලදී. 02 October 2020
සීනි වල සඟවා අම්මා පුතුට හෙරොයින් ගෙනියයි මහනුවර පල්ලෙකැළේ බන්ධනාගාරයේ සිරගතව සිටින තම පුත්‍රයාට ලබාදිම සඳහා සුක්ෂම ලෙස සිනි වල සඟවා හොරොයින් ගෙනමින් සිටි කාන්තාවක් පල්ලෙකැළේ පොලිසිය අද (02) අත් අඩංගුවට ගෙන ඇත. 02 October 2020
20ට එරෙහිව ගොනු කළ පෙත්සම්වල කරුණු දැක්වීම් අවසන් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබෙන විශේෂ පෙත්සම් 37 ක කරුණු දැක්වීම් අද(02) දින මීට ස්වල්ප මෙහොතක පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සම්පූර්ණයෙන්ම අවසන් කෙරිණි. 02 October 2020
කළුබෝවිල රෝහලෙන් පොලිසියට චෝදනාවක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණ 36න් 27කම හඳුනා නොගත් සිරුරු වසර දෙකක පමණ කාලයක සිට තැන්පත් කර තිබීමෙන් දෛනිකව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා යොමු කෙරෙන සිරුරු තැන්පත් කිරීමට පහසුකම් නොමැතිව කාර්ය මණ්ඩලය සහ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 02 October 2020
කටාන කොල්ලයට 4ක් අත්අඩංගුවට කටාන අක්කර 50 ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් කෝටි තුනක මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 4දෙනෙකු අද(2) අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය කියයි. 02 October 2020
ට්‍රම්ප්ට - ආර්යාවට කොරෝනා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. 02 October 2020
සමාජශාලාවක් වටලා 18 ක් අත්අඩංගුවට නීති විරෝධීව පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ ප්‍රධාන පෙළේ සමාජ සමාජශාලාවක් වටලා සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 02 October 2020
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිසුන් 30ක් ඇතුළු 48ක් රෝහලේ හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත එන්සි කොටසේදී අද(02) පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එම බස් රථයේ ගමන්ගත් 48 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය. 02 October 2020
විකිණෙන වැලිවල විකිරණ ඛණිජ සම්පත් ඉවත් කර ගැනීමෙන් පසු අලෙවි කරන වැලිවල අසාමාන්‍ය ප්‍රමාණයෙන් විකිරණ ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කළ අධ්‍යයනයකින් හෙළිවී තිබේ. 02 October 2020
‘වනාතවිල්ලුවේ පරිසරයට කර තිබෙන හානිය සුළුපටු නෑ‘ පරිසරයට කරන ලද හානි කවුරු කුමන බලයක් යොදා කුමන ලෙසකින් කළද ඒවා සුළු කොට තැකිය නොහැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනාතවිල්ලුවේදි අද (01) පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වනාතවිල්ලුව කුරටියාමොට්ටේ ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් භුමියක් කිසියම් පිරිසක් විසින් කපා විනාශ කර ඇති ආකාරය ගැන සොයාබැලීමට ගිය අවස්ථාවේදීය. 01 October 2020
‘ඒ වගේ ආයතන ගැන මම අහලා නෑ‘ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණු අධ්‍යයනයට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නමින් ආයතනයක් පිහිටුවා ඇති බව හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කර ඇති බව හෝ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදි අනාවරණය වන තෙක් තමන් නොදැන සිටි බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (01) පැවසීය. 01 October 2020
එ.ජා. මහලේකම්ගේ ශ්‍රී ලංකාව සම්බන්ධ කරුණු ප්‍රතික්ෂේප කරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතුළත් සියලු කරුණු ප්‍රතික්ෂේප කරන බව රජය අවධාරණය කරයි. 01 October 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026