(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ උසාවි 50ක් අලුතින් ස්ථාපනය කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවැසීය.
එමෙන්ම විනිශ්චකාරවරුන් තවත් 76 දෙනකු පත් කර ගැනීමටද කටයුතු යොදා ඇතැයි අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කළේය.
මෙරට ජනගහනයෙන් ලක්ෂ දහයකට සිටින්නේ විනිසුරුවරුන් පහළොස් දෙනෙකු පමණකැයි පැවසූ සබ්‍රි මහතා එම සංඛ්‍යාව දෙගුණයක් දක්වා වැඩි කරගැනීම බලාපොරොත්තුව යැයිද පැවැසුවේය.
ඕනෑම විනිසුරුවරයෙකුට දරා ගත හැකි ප්‍රමාණයක් තිබෙන බවත් ඉන් එහාට ගියවිට ඔහු කඩා වැටෙන බවත් අධිකරණ ඇමතිවරයා කීය.
අද රටේම තියෙන නඩු ටික අහන්න සිටින්නේ නඩුකාරවරුන් තුන්සිය හතළිස් දෙනකු පමණකැයිද ඔහු සඳහන් කළේය .
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමටද කටයුතු කරගෙන යන බවත් මේ වසර අවසානය වනවිට දිවයිනේ අධිකරණ 42ක ඒ කටයුතු පළමු අදියර යටතේ අරඹන බවත් ඔහු පැවසීය.
කොරෝනා සමයේදී තාක්ෂණය යොදාගෙන නඩු ඇසීමට අවශ්‍ය කටයුතු සූදානම් කර දුන් බවද අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය .
අධිකරණ ඇමතිවරයා මෙසේ පැවසුවේ එම් අමාත්‍යාංශයට අදාළ පනත් කෙටුම්පත් කිහිපයක් පිළිබඳ විවාදය ආරම්භ කරමිනි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි වැඩිවෙනවා කියන්නේ සමාජය පිරිහිලා.
ඔය උසාවි අලුත් කඩේම හදන්නේ නැතිව කොළඹින් පිට හැදුවා නම් කොළඹ වාහන තදබදේ අඩුවෙනවා නේද?
ප්‍රශ්න වැඩි වෙනකොට උසාවිත් වැඩි වෙනව. උසාවි වැඩි කිරීම වෙනුවට ජනතා ගැටලු වැඩිවෙන එක ගැන හොයල බල ඒවට විසදුම් දෙනව නම් හොදයි.
ඔය උසාවිවලින් ඇති ඵලය මොකක්ද? ඔය එක උසාවියකටවත් රාජපක්ෂලා සහ හෙංචයියන් කරන වැරැදිවලට දඬුවම් දෙන්න බලයක් තියෙනවද? ඕවා තියෙන්නේ අසරණයින්ව තලා පෙළන්න විතරයි.
ඉදිරිය පැහැදිලියි. කට ඇරියොත් නඩු...
උසාවි පනහක් නොවේ... දාහක් හැදුවත් ඇහෙන්නේ නැති නඩු කීපයක් මතක් කරන්නද? මහ බැංකු මංකොල්ලය... ලසන්ත වික්‍රමතුංග මරණය, තාජුදීන් මරණය, ඇවන්ගාර්ඩ් ප්රශ්නය, මල්වානේ ගෙදරක් පිළිබඳ අවුල, වැලිකඩ සිද්ධිය, රතුපස්වල සිද්ධිය, දෙමව්පියන්ගේ සොහොන්, මැණික් මල්ලේ කතාව, පාස්කු සිදුවීම.... තව ගොඩයි. සේරම දැන් මතකත් නැහැ.