(රංජන් කස්තුරි)
රත්රන් මිල ඉහළ යාමට හේතුව රන් ආභරණ නිෂ්පාදකයන් රන්තොග සඟවා ගැනීම යැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
රත්රන් ආයනයන සීමාකර ඇති හෙයින් ප්‍රධාන පොළේ රන් ආභරණ නිෂ්පාදකයන් තමන් ළඟ තිබෙන රන් තොග සඟවා වෙළෙඳපොළේ කෘත්‍රීම රන් හිඟයක් මවා ඇතැයි ද එම නිසා පවුමක මිල ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.
මේ පිළිබඳව අප කළ විමසුමකදී මැණික් හා ස්වරණාභරණ ආශ්රිත කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.පියතිස්ත මහතා සඳහන් කළේ රත්රන් ආනයනයන කිරීමට බලය ඇත්තේ ලංකා බැංකුවට පමණක් බවයි.
ඉදිරියේදී රත්රන් ආනයනයක කළ පසුව දැනට පවතින මිල ගණන් පහත යනු ඇතැයි ද පියතිස්ස මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට තේරෙන විදියට රත්තරන් ගෙන්න සල්ලි (විදේශ විනිමය) නැහැ කියලයි .
ඒක ඇත්ත. හාල්, පොහොර, ඩොලර්... දැන් රත්තරන්...
අහින්සක මිනිස්සු ගිහිල්ලා ඒ අයගේ රත්තරන් තොග හැන්ගුවා උකස් කඩේ.
මෙයා කාටද මේ බොරු කියන්නේ...? රටේ මුදල්වල ශක්තිමත් බව තීරණය වන්නේ රටේ ඇති රත්තරන් සංචිතය මතයි. රටේ ඇති රත්තරන් ප්‍රමාණය සහ මුදල් ප්‍රමාණය අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවක් පවතිනවා. මේ රජය නොකඩවා මුදල් අච්චු ගසන අන්දම අනුව උද්ධමනය ඉහළයනවා.. මුදල් නිකම්ම නිකම් කඩදාසි කෑල්ලක අගයට පත්වෙනවා. බඩු මිල ඉහල යනවා. රත්තරන් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. ඒ මදිවට කියනවා රත්තරන් ආනයනය කරනවා කියලා. බියගම සල්ලි මැෂින් එකෙන්, ආප්ප හදනවා වගේ අච්චු ගහන සල්ලි වලට රත්තරන් ගන්න බැහැ. ඊට විදේශ විනිමය අවශ්‍යයි. කෝ විදේශ විනිමය...? තව මාස දෙක තුනකින් රුපියල් 25000ක මුදල් නෝට්ටුවක් (අගය සඳහන් කර ඇති එහෙන් කිසිම වටිනාකමක් නැති කඩදාසි කෑල්ලක්) නිකුත් කළොත් පුදුම වෙන්න එපා.