(ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටි 2 ට අධික වටිනා කේරළ ගංජා තොගයක් සමග තිදෙනකු   යාපනය කෝවිල්කුලම් මුහුදු ප‍්‍රදේශයේ අද (6) නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 නාවික හමුදා වෙරළබඩ මුර යාත‍්‍රාවක්  සැකකටයුතු  ඩිංගි යාත‍්‍රාවක් නවතා පරීක්ෂා කිරීමේ එහි ගෝනි 4 ක  තිබු මෙම ගංජා ප‍්‍රමාණයක සමග සැකකරුවන්  තිදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

ඩිංගි යාත‍්‍රාවේ තිබු ගෝනි 4 කේරළ ගංජා කිලෝ 98 යි ග‍්‍රෑම් 500 ක්  තිබු බව නාවික හමුදාව පවසයි.