(සුජිත් හේවාජුලිගේ )
ළමා අපයෝජන සම්බන්ධයෙන්වු පැමිණිලි දොළොස් දහස් එකසිය හැට පහක්(12,165) පසුගිය වසර එක හමාරේදී ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.
එම අධිකාරිය පවසන අන්දමට ළමා අපයෝජන සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස පහේදී ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 4000 කි.
දරුවන් සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් හතළිස් අට දහසක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ වසරේ මේ දක්වා ලැබී ඇතැයිද සභාපතිවරයා කීය .
මේ අතර දරුවන් සම්බන්ධ අපචාර ,අපයෝජන හා හිංසන වැනි කටයුතු පිළිබඳව නොපමාව තමා අධිකාරියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින සභාපතිවරයා ලැබෙන සෑම පැමිණිල්ලක් පිළිබඳවම විමර්ශන පවත්වන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ, අපි හිටියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ...
ඔක්කෝටම ඉස්සරවෙලා ඔය අායතනයට පොළවේ ඉන්න මිනිස්සු වැඩට ගන්න...
ඊට සම්බන්ධ වූවන් 2-3 ප්‍රසිද්ධියේ උල තිබ්බානම් ඕවා නිකම්ම අඩු වෙනවා.
මේ අමනුස්සයින්ට මරණ දඩුවම දෙන්න ඔනි
නිතරම බන කියන රටේ මෙහෙම වුනාට බන ඇහෙන්නේ නැති ඉතාලියේ මෙහෙම නැහැනේ?
ඔය නඩු අහලා ඉවර වෙනකොට අවුරුදු 10-15ක් ගතවෙනවා. ඔය නඩුවලින් 80%ක් ඔප්පු වෙන්නේ නැහැ.
ඔන්න ඕක තමයි කිව්වේ කොරෝනා වලට වඩා හිතන්න දේවල් ලංකාවේ තියෙද්දී, කොරෝනා බොරුවක් අල්ලගෙන මුලු ජාතියම විනාශ කරනවා. භාණ්ඩාගාරය හිස්කළ අනිත් ඒවා අනිත් අය කියයි.
දැන්ස නේ සව් බාගෙ හොඳටම පේන්නේ.