යාපනය සරසවියේ කඩා දැමූ ස්මාරකය යළි ඉදිකරයි කඩාබිඳ දැමුණු යාපනය විශ්ව විද්‍යාලයේ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය යළි ඉදි කිරීම සඳහා වන මුල් ගල් තැබීම එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එස්. සිරිසත්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) උදෑසන සිදු කෙරුණි. 11 January 2021
වාසුදේවටත් කොරෝනා ජල සම්පාදන හා ජලප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. 11 January 2021
කොන්දොස්තර ආසාදිතයකු වීමෙන් පුත්තලම ලංගම ඩිපෝවෙ බස්රථ රැසක් ධාවනය නවතයි පුත්තලම ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයකු කොවිඩ් ආසාධිතයකු ලෙස හඳුනා ගැනීමත් සමග බස් රථ රැසක් ධාවනය නවතා දමා රියදුරු හා කොන්දොස්තරවරුන් පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්රු ප්‍රනාන්දු මහතා අද( 11) පැවසීය. 11 January 2021
ට්‍රම්ප්ට ආයෙත් ට්විටර් නෑ තවදුරටත් ප්රචණ්ඩත්වය ඇති කිරීමේ අවදානම හේතුවෙන් බලමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ඉවත් කරන බව ලෝ ප්‍රකට ට්විටර් සමාගම ඉකුත් සිකුරාදා (8) නිවේදනය කළේය. 10 January 2021
ඇමෙරිකාවේ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති ඇතුළු 4 කට කොරෝනා අමෙරිකාවේ වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ 4 දෙනෙකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් සදහන් කරයි. 10 January 2021
කෑගල්ල රෝහලේ රසායනාගාර සේවකයන් 7 කට කොරෝනා කෑගල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන රසායනාගාර ශිල්පීන් පස්දෙනෙක් සහ රසායනාගාර සහයකයන් දෙදෙනකුට කොවිඩි-19 වයිරසය අසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. 10 January 2021
අතුරුදන් වූ යානයේ කළු පෙට්ටිය සොයාගනී කඩාවැටුණු ඉන්දුනීසියානු ගවන් යානයේ කළු පෙට්ටිය තිබෙන ස්ථානය සොයාගෙන ඇතැයි එරට බලධාරීහු පවසති. 10 January 2021
තවත් කොරෝනා මරණ 3 ක් කොරෝනා වයිරසය හේතුවෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (10) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 10 January 2021
ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු එස්.ටී.එෆ්. 35 දෙනකුට කොරෝනා ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව යෙදී සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 35 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. 10 January 2021
පොලොන්නරුව රෝහලේ 21 වාට්ටුව වහයි කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු අද (10) දිනයේ හමුවීම හේතුවෙන් පොලොන්නරුව මහ රෝහලේ අංක 21 වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ,වෛද්‍ය නිහාල් ගුණතිලක මහතා පැවැසීය. 10 January 2021
තවත් කොරෝනා ආසාදිතයින් 536 ක් හඳුනාගනියි දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවලින් අද (10) දිනයේ මේ වන විට කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් 536 දෙනකු වාර්තා වී තිබේ. 10 January 2021
නැගෙනහිර පාසල් 32 ක් තවදුරටත් වසාදැමීමේ තීරණයක් නැගෙනහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් 32ක් තවදුරටත් වසා තැබෙන බව ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කීවාය. 10 January 2021
කලවාන නගරයේ වෙළෙඳසැල් - ආයතන තාවකාලිකව වහයි ප්‍රදේශයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා කලවාන නගරයේ සියලුම වෙළෙද සැල් සහ ආයතන තාවකාලිකව වසා දැමිමට කලවාන ප්‍රාදේශීය කොව්ඩ් මර්දන කමිටුව අද (10) පස්වරුවේ තීරණය කර තිබේ. 10 January 2021
බොරැල්ලේ ප්‍රදේශ තුනක් හුදකලා කරයි බොරැල්ල පොලිස් වසමේ ප්‍රදේශ තුනක් මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 10 January 2021
යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කරන්න තීරණය කර නෑ යුක්රේන සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (10) පැවසීය. 10 January 2021
මුහුණු පොතින් තරුණියන් මුදලට විකුණලා මුහුණු පොත හරහා ප්‍රතිචාර දක්වමින් මිතුරු වන තරුණියන් ඉතා සූක්ෂම ලෙස ගණිකා වෘත්තිය සඳහා යොදවා ගන්නා සුරූපි කතුන් තිදෙනෙකු අද (10) දා අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය පවසයි. 10 January 2021
දකුණේ පාසල් 6ක් හෙට විවෘත කරන්නේ නැහැ දකුණු පළාතේ හෙට(11) දින පාසල් 6ක් ආරම්භ නොකරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි. 10 January 2021
යාපනය සරසවියේ ස්මාරකය ඉවත්කළේ එහි උපකුලපතිවරයාගේ තීරණයක් අනුවයි යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබු යුද සැමරුම් ස්මාරකය අද දවසට මෙන්ම හෙට දවසටත් නොගැලපෙන නිසා එය යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශ්‍රී සද්ගුණරාජා මහතාගෙන් තීරණයට අනුව ස්මාරකය ඉවත් කිරිමට තීරණය කර කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කළේය. 10 January 2021
ඊ ටී අයි හිටපු අධ්‍යක්ෂකවරු සිවිදෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට ඊ.ටී.අයි සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් සිවුදෙනා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් වෙත යොමු කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය . 10 January 2021
මුල්ලිවයික්කාල් ස්මාරකය කැඩීම ගැන විග්නේෂ්වරන්ගේ අප්‍රසාදය යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදිකර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩා බිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැඟීම් එක රැයකින් සුනුවිසුණු කර විනාශ කර දැමීමට සමාන යැයි තමිල් මක්කල් තේසිය කුට්ටනි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී වි විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි. 10 January 2021
අම්බලන්තොට තැපැල් කාර්යාලය වහයි අම්බලන්තොට ප්‍රධාන තැපැල් කාර්යාලයේ ලිපි බෙදන්නෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති හෙයින් තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. 10 January 2021
අම්පාරේ පාසල් හෙට විවෘත කරන්නේ නෑ අම්පාර නාගරික ප්‍රදේශයේ පවතින කොරෝනා කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සළකා හෙට (11) දින සිට නාගරික ප්‍රදේශයේ පිහිටි සියලුම පාසල් වසා තැබීමට පියවර ගත් බව අම්පාර කලාප අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලය පවසයි. 10 January 2021
පාර්ලිමේන්තුව හකීම්ගේ සමීපතමයන් සොයයි කොරෝනා වයිරසය ආසාදනය වී සිටින, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකීම් මහතා ආශ්‍රය කළ සමීපතමයන් සෙවීම සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ සීසීටීවී දර්ශන විශ්ලේෂණය කරමින් සිටිති. 10 January 2021
නාවලපිටිය මූල්‍ය රක්ෂණ ආයතනයක් වසාදමයි නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන මූල්‍ය රක්ෂණ ආයතනයක ශාඛාවක් අද(10) වසා දැමූ බව පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.එස්.කේ.වික්‍රමගේ මහතා පැවසීය. 10 January 2021
කලවානේ පාසල් 9 ක ආරම්භය කල්යයි කලවාන ප්‍රදේශයේ කොරෝනා පැතිරයාමේ අවදානමක් පවතින හෙයින් හෙට (11) සදුදා පැවැත්වීමට නියමිතව තිබූ පාසල් 9 ක් හෙට දිනයේ විවෘත නොකරන බව කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පැවසීය . 10 January 2021
සියලු ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කිරීමේ කුටියක් අරඹන්න යයි රටේ සියලුම ආයතනවල ඒ ඒ ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කෙරෙන “පුරා කුටියක්” (Archicell) ආරම්භ කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සැරසෙයි. 10 January 2021
වව්නියාව පාසල් 6 ක් හෙට විවෘත නොකිරීමට තීරණය කරයි වව්නියාව නගරයේ පාසල් 6 ක් නව පාසල් වාරය සඳහා හෙට ( 11) විවෘත නොකිරීමට තීරණය කර තිබේ. 10 January 2021
රවූෆ් හකීම්ටත් කොරෝනා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රවුෆ් හකිම් මහතාට කොවිඩි -19 වයිරසය ආසාදනය වී ඇතැයි පැවසේ. 10 January 2021
කල්පිටියෙන් ඇල්ලූ කහ තොගයේ වටිනාකම මිලියන 60යි කල්පිටිය උච්චිමුනේ ආසන්න මුහුදේ දී කල්පිටිය විජය නාවුක හමුදාව විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය යාත්‍රා දෙකේ කහ කිලෝ 8,750ක් පමණ වූ අතර, එහි වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න බව හඳුනාගනෙ ඇත. 10 January 2021
ගාල්ලේ වෛද්‍යවරු 12වැනිදා වර්ජනයකට සැරසෙති ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 12වැනිදා සිට රාජකාරී කටයුතුවලින් ඉවත් වී අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර තිබේ. 10 January 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026