(සුජිත් හේවාජුලිගේ)
ඉදි ආප්ප ටිකක් තම්බගෙන, ත්‍රීවීල් රථයක් එලවාගෙන සහ එළවළු ලෑල්ලක් දගෙන ජීවත්වෙන පුද්ගලයන්ගේ අමාරුකම මාසේ පඩිය ගන්නා විපක්ෂයේ නායකයන්ට මෙන්ම ආර්ථික ඔස්තාර්ලා යැයි කියාගන්නා විපක්ෂයේ ඇතැම් දේශපාලඥයන්ට තේරෙන්නේ නැතැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.
ජීවිතය වගේම ජීවනෝපායද වැදගත් වන හෙයින් රට ඉක්මනින්ම විවෘත කරගත යුතුව ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ශ්‍රි ලංකා මහ බැංකුව අවශ්‍ය තරම් ඩොලර් නිකුත් කර ඇති හෙයින් අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවීමට කිසිම ඉඩකඩක් නැති බව පැවසූ කබ්රාල් මහතා රජය ඩොලර් හිඟයක් ඇති නොවීමට කටයුතු කර ඇතැයිද ප්‍රකාශ කළේය.
විපක්ෂය අද වෑයම් කරන්නේ රට වස්සවා ගෙන එමගින් ජනතාවට ඇතිවන පීඩනය හරහා බලය ගැනීමට බවත් ජනතාව කාටත් වඩා හොඳින් විපක්ෂයේ මෙම පහත් අරමුණ තේරුම් ගෙන සිටින බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
දැඩි ආර්ථික අර්බුදයක් තියෙද්දි පවා රජයේ කොරෝනා මර්දන එන්නත් ගැන්වීමට ඩොලර් මිලියන එකසිය විස්සකට වැඩි මුදලක් වැය කර ඇති බව පැවසූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා එන්නත් ගෙන්වීමට තවදුරටත් මුදල් වැය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
රුපියල අවප්‍රමාණය වීම ගැන නොසිතා ඩොලර් රටට ගෙන්වා ගෙන ඒවා රුපියල් බවට පත්කරන්නැයි අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් රුපියල තවදුරටත් අවප්‍රමාණය වේ යැයි සිතා ආනයනකරුවන් වේගයෙන් භාණ්ඩ ආනයනය කිරීමද නතර කළ යුතු බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ජීවිතය වගේම ජීවනෝපායද වැදගත් වන හෙයින් රට ඉක්මණින්ම විවෘත කරගත යුතුව ඇතැයි හෙතෙම සඳහන් කළේය" ජීවනෝපායද යනු පැවැත්ම, ජීවිතයක් නැතිව පැවැත්ම... ජනතා අනුමැතිය නොමැතිව පස්ස දොරෙන් ආ මෙයා දන්න පොඩි මිනිහගේ දුක..?
හොඳම විහිළු කාරයාගේ දවසේ හොඳම විහිළුව...
ආණ්ඩුවට තේරෙන හින්දා තමයි අපි මේ මෙච්චර දුක් විඳින්නේ... නිකන් බයිලා විතරයි...
අනූහතරෙ සිට බෙදපු සමෘද්ධි යෙන් සමෘද්ධිමත් කල අය ඉන්නෙ කොහේද සමෘද්ධිය හරියටම කරල නැද්ද ලොක්කා ඒගැන කියන්නකෝ
මෙයාලට තමා හොදටම තේරිලා තියෙන්නෙ
ආර්ථිකය නංවන්න වැටෙන ග්‍රීක කොටස් වෙළෙඳපලේ ආයෝජනය කළ, හෙජිං ගිවිසුම පිටිපස්සේ හිටපු උදවියට තමයි හොඳට තේරෙන්නේ... අනේ මගේ කට...!!!
සීනි වල බද්ද අඩු කරලා ම්ල වැඩි කලේ දුප්පත් අයගේ දුක දන්න නිසාද? සර් රැවටිල්ල නවත්තන්න. මිනිස්සු මෝඩයෝ නෙවෙයි.
හැබැයි සීනි ටිකෙන්, ඇන්ටිජන් පරීක්ෂණවලින් මේ අය පොඩි මිනිහා ගසා කන්න මිතුරන්ට ඉඩ දීලා. මැද පෙරදිග සාමාන්‍ය රැකියා කළ අයව රටට ඉක්මණින් ගෙන්න ගන්න විදියක් හැදුවේ නැති එකෙන් සෑහෙන දෙනෙක් මැරුණා. විධායක ගණයේ රැකියා කරන අයටත්, බාල ගණයේ කෑම සහිත හෝටල්වල දවසට 15000කට ආසන්න මුදල් ගෙවා නිරෝධායනය වෙන්න වුණා. ලී ටික, පස් ටික සූරා කන්නෙත් මේ කට්ටියගේ හෙංචයියන්. ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලා ජනතාව කියනවා...
මෙයාගේ ආර්තික විද්‍යාව ඉස්සර නම් තේරුනා ක්ලාස් යද්දි හැබැයි දැන් ටිකක් අමුතුයි
හැමෝම ඒකයි ඉතින්
මේ රටේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාව මෙතරම් දුක් විදින්නේ මාසිකව ලක්ෂ එක හමාරට වඩා වැටුප් ලබන උදවියගෙන් අය කරගනු ලබන අදායම් බදු මුදල ප්‍රමාණවත් නොවීම නිසයි.මෙම ඉහල වැටුප් ලබන සේවකයින්ගේ අත ඇති මුදල් අතිරික්තය නිසාම ඔවුන් මිල අධික සුකෝප භෝගී වාහන ,ජංගම දුරකථන මිල අධික අත් ඔරලෝසු මිලට ගැනීම නිසා මෙරට මුදල් පිටරටට ගලා යෑම නිසා ඩොලරය ඉහල යනවා. එවිට බඩු මිල ඉහල යනවා. එතකොට අසරණ මිනුසුන් කබලෙන් ලිපට වැටෙනවා.