(අංජුල මහික වීරරත්න)
ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කරන්නට ඉඩක් ලැබුණා නම් වත්මන් ප්‍රශ්නය උද්ගත වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම තීරණය ක්‍රියාත්මක කරන්නට පෙර ආණ්ඩු වෙනස සිදු වූ බව කී වික්‍රමසිංහ මහතා බලයට පැමිණි සැණින් ආදායම් අහිමි කරගත් වත්මන් ආණ්ඩුව මේ ප්‍රශ්නය කෙසේ විසඳනු ඇද්දැයි නොදන්නා බවද සඳහන් කළේය.
වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ රටේ සිසු පරපුරට හරියාකාර අධ්‍යාපනයක් නැති හෙයින් රජය වහා මේ ප්‍රශ්නය විසඳිය යුතුව ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකං බයිලා ගහන්න එපා මිස්ටර්...
ඉතන් ක්‍රියාත්මක කරනන තිබුණේ අවුරුදු පහක් වෙනකල් තීරණ ගනන විතරද පුලුවන් වුනේ
නිකන් විකාර කියනන ඒපා
මෙයා නින්දෙන් දොඩවනවද ? දැන් කොරෝනා වසංගතයක් තියෙනව කියලා දන්නෙ නැද්ද ? එලවලාම දැම්මට පස්සෙ වෙට්ටුවක් දාලා පාර්ලිමේන්තු ඇවිත් නන් දොඩවනවා. හරියට රටට ආදරයෙන් පාලනය කළා නම් කිසිම පක්ෂ භේදයක් නෑ . ඒ කෙනාට ආදරය කරන්න පුලුවන් ජනතාවක් රටේ ඉන්නවා
යහපාලනේ හරියට කරානම් ඡන්දෙ පරදිනවද
යහපාලනයෙන් ගත් තීරණ ක්‍රියාත්මක කළා නම් කියන්නේ ඕගොල්ලෝ තීරණ ගත්තේ අනික අයට ක්‍රීයාත්මක කරන්නද? ඇයි ඔබලා ක්‍රීයාත්මක නොකළේ? කලානම් අද ඔය පරස්න නැහැනේ? මන්ත්‍රීන්ගේ දීමනා වැඩිකිරීම් පට ගාලා ක්‍රීයාත්මක උනා නේද?
වැඩකටම නැති අපතයෙක් ලෙස මිනිසුන් අතර සූත්තර පුංචා හංවඩු වී ඇති බව නම් ඉතාමත්ම පැහැදිලියි.