(අංජුල මහික වීරරත්න)
සීනි මිල ඉහළ ගියාට කරන්නට දෙයක් නැතැයි කියමින් කරබා ගන්නා ඇමතිවරුන් සිටින ආණ්ඩුවකින් ජනතාවට යහපතක් බලාපොරොත්තු විය හැකිදැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කළේය.
ආණ්ඩුව සීනි කිලෝව ඩොලරයක මිලකට ගෙනවිත් ඇති මොහොතක ඉන්දියාවේ සීනි කිලෝවක් අලෙවි වන්නේ ඉන්දියා රුපියල් 30 ටත් අඩුවෙන් බවද නියෝජ්‍ය නායකවරයා කීවේය. එම මිල හා ගණනය කරද්දී මෙරට සීනි කිලෝවක් රුපියල් 90 ට පහසුවෙන්ම අලෙවි කළ හැකි බවද විජයවර්ධන මහතා කීවේය.
සූම් තාක්ෂණය ඔස්සේ පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක දී අදහස් දක්වමින් නියෝජ්‍ය නායකයා පැවැසූයේ විහිළු සහගත ආණ්ඩුවක් මෙන්ම විහිළු සපයන මැති ඇමතිවරුන් පිරිසක් නම් ජනතාවට ලැබී තිබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි, සහල් කිලෝ ලක්ෂ ගණන් හංගාගෙන ව්‍යාජ හිඟයක් මවන නින්දිත ව්‍යාපාරිකයින් ගැන මෙයාලාට පේන්නේ නෑ. මොකද මෙයාලගේ එකම අරමුණ කොහොම හරි ඡන්දයක්, දෙකක් කඩා ගැනීම. රටට සෙතක් කිරීමවත් ප්‍රශ්නයක් නිවැරදිව තේරුම් ගැනීමවත් නොවෙයි...
අනේ බොරු කතා
අවස්ථාවෙන් ප්‍රයෝජන ගනන මිනිසු
කිසිම ආණ්ඩුවකින් වැඩක් නැහැ