(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා හෙට (01) සහ අනිද්දා (02) විවෘත කිරීමට රජය අවසර ලබාදී ඇත.
මේ අනුව සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා හෙට අලුයම 04.00 සිට විවෘත කෙරෙනු ඇත.
සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා පසුගිය 25 සහ 26 දිනවලද විවෘත කෙරිණ.
ගොවින්ගේ අස්වනු අලෙවිකර ගැනීමට නොහැකිවිම නිසා යළි පසුගිය 28 සහ 29 යන දෙදිනේද සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළේය.
නිරෝධායන ඇඳිරිනීතිය ලබන 06 වැනිදා දක්වා දීර්ඝ කර ඇති හෙයින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීම සඳහා අද හෙට සියලු ආර්ථික මධ්‍යස්ථාන මෙසේ විවෘත කෙරෙන බව රජය නිවේදනය කරයි .
මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එහි පැමිණෙන ලෙස මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති අනිල් ඉන්ද්‍රජිත් මහතා සියලු වෙළෙඳුන්ගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් කරන්නේ සුපිරි ඩෙල්ටාව පැතිරෙන හැටි සැරමදි නිසා වෙන්න ඇති මගේ හිතේ...