(නිමල කොඩිතුවක්කු)
රටේ මේ වන විට පවතින උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (31) පැවසීය.
ඇතැම් ඖෂධ කඩිනමින් අනුමැතියට යටත් කළ යුතු වුවත් ගජ මිතුරන්ට වාසි සලසා දීම හේතුවෙන් ආණ්ඩුවේ බලධාරීන් හිතාමතා ඒවා ප්‍රමාද කරන බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.
කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රෝහල් සඳහා සෞඛ්‍ය උපකරණ ප්‍රදානය කිරීම සඳහා ක්‍රියාත්මක "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනේ 23 වන පියවර යටතේ රුපියල් හතලිස් හත් ලක්ෂ පනස් දහසක් වටිනා රෝහල් උපකරණ මාතලේ රෝහලට පරිත්‍යාග කරමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමාන කල හැක්කෙ ඔෞෂධ ගෙන්නන්න මුදල් මදි කියල නේද? ඔය හැටි අධිවේගී මාර්ග හදමින් සංවර්ධනයත් ඒ මදිවට වැව් උඩ මංතීරු හදන්නත් මේ වගේ අපහසු වෙලාවක දගලන්නෙ ජනතාවගෙ ජීවිතවලට වඩා පාරවල් ලොකු හින්දද? උගතුන් මූලිකත්වය නොගත්තම මුලින් කෙරෙන්න ඕන දේ හරි විදියට හදුනා ගන්න බැරි වෙනවා.
උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති ඒ මාගේ දුගී දුප්පත් ජනතාවට මාගේ සදාදර පියාණන් විසීන් අපගේ පවුල් වෙනුවෙන් හරි හම්බ අපට ලබාදුන් ඒ සේසතම වියදම් කරමින් බෙහෙත්හේත් ලබා දෙන බව මම මෙයින් ප්‍රතිඥා දෙමි. ඒ මගින් "විපක්ෂයෙන් හුස්මක්" යන වැඩසටහන අති සාර්ථක කර ගන්නෙමු. සජි මල්ලියේ ඔන්න කරනවා නම් වැඩ නිකන් හැම රෙද්දටම බලයේ ඉන්න "හරකුන්ට" කෑමොර දෙනවට වඩා විපක්ෂේ ඉන්න "බුරුවනුත්" මේ වෙලාවේ කල හැකි උදව්වක් මිනිසුන් වෙනුවෙන් කලොත් හොදා..... කෝ මේ සජි මලයාගේ පිටිපස්සට මුවා වෙලා ඉන්න "දියව් දියව් කුමාරය" සද්දක් නැත්තේ මොකද....?