(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කාන්තාවක් අටමස් බිලිදා යාබද නිවස ඉදිරිපිට මිදුලේ ගසක් යට තබා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටියදී තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු සමඟ අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි
අත්අඩංගුවට සියලුම සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු වන බව පොලිසිය කියයි
පිරිස බූරු ගසමින් සිටි ස්ථානයේ තිබී රුපියල් 240 ක මුදලක් සහ බූරු කුට්ටමක් පොලිස් භාරයට ගෙන ඇත
මිල්ලනිය, මානාන ,කටුගහ දෙනිය ප්‍රදේශයේ නිවසක් තුළ මුදල් ඔට්ටුවට පිරිසක් බූරු ගසමින් සිටින බවට මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ඒ ජි එන් විජේතුංග මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත
පොලිස් නිලධාරීන් එම නිවස වටලන අවස්ථාවේ දී එහි සිටි කාන්තාවන් තිදෙනා ඇතුළු පිරිමි පුද්ගලයා නිවසින් පිටතට පලාගොස් හිස් ලූ ලූ අත වැට මායින් ද කඩාගෙන දිව යන්නට වූ අතර පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා එම පිරිස අත්අඩංගුවට ගත් බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය
සැකකාරියන් තිදෙනා සහ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුව ආවරණ පැළඳ නොසිටි බව පොලිසිය කියයි
සැකකාරියන් සහ සැකකරු පොලිසි වෙත ගෙන ඒම සඳහා ජීප් රථය අසලට රැගෙන යන අවස්ථා ද එක් සැකකාරියක්" අනේ සර් මගේ චූටි පුතා" යැයි පැවසීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ඒ පිළිබඳ විමසිලිමත් වීමේ දී යාබද නිවසේ මිදුලේ ගසක් යට තබා සිටි බිලිදා දැකගත හැකිවූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් ට එරෙහිව මුදල් ඔට්ටුවට බූරු ගැසීම හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ආදී චෝදනා කිහිපයක් යටතේ නඩු පැවරීමට නියමිතය
පාණදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ඒ ජි එන් විජේතුංග පොලිස් පරීක්ෂක සංජීව පොලිස් කොස්තාපල්වරුන් වන 71332 ශාන්ත ,ජනිත් හා ප්‍රදීප් මහත්වරු වැටලීම සිදුකළහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල්ලනිය නේද? අහන්න දෙයක් නැහැනේ. දන්නෝ දනිති.
ලොකු හපන්කමක්නේ පොලීසිය කරලා තියෙන්නේ .අහිංසක මිනිස්සු දැක්කම කොයි පොලිස් කාරයත් චන්ඩි
ලබන චන්දෙන් පාර්ලිමේන්තු යන්න සුදුසුකම් තියනවා