(අංජුල මහික වීරරත්න)
යහපාලන රජය සමයේ අක්කරය රුපියල් සීයක්වත් නොවටිනා ඉඩම් රජයට පවරා දී ඒ වෙනුවට පර්චසය ලක්ෂ පනහක් තරම් වටිනා ඉඩම් රජයෙන් ලබා ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් යැයි කියමින් ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් ද මෙලෙස දුෂිත ලෙස ඇතැම් පුද්ගලයින්ට ලබා දී ඇති බව ද එම ඉඩම් නැවත පවරා ගැනීමට මේ වන විට නඩු 67ක් පවරා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම, ඉඩම් අමාත්‍යාංශය සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (31) පැවැති සාකච්ඡාවේ දී අලුත්ගමගේ මහතා මෙි බව කීය.
මෙම ඉතා වටිනා දේපළ තුට්ටු දෙකට බදු දීමෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවත් සියලු බදු ගිවිසුම් අවසන් කර අලුත් බදු ගිවිසුම් සකස් කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අලුත්ගමගේ මහතා එහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු දීලා කියන්නේ විකුණලා නෙමේනේ. අරන් විකුණන් කයි..
බොහොම හොඳ වැඩක්... මේ ගැනත් හොයාබලා ඇක්ෂන් එකක් අරගන්න. සුද්දෝ ලංකාවෙන් යනකොට කලුසුද්දන්ට දීලා ගිය ඉඩම් අපේ ඉඩම්... මේවා නැවත අත්පත් කරගන්න කාරණයක් හදන්න... ස්තුතියි...
අර ඇමෙරිකාවේ ඩොල් සමාගමට නිකන් දුන්නා කියලා කියන අක්කර 50,000න් පටන්ගත්තොත් තමයි නියම...
මෙන්න අවංක වැඩකාරයෙක් ඇවිල්ලා වැඩ පෙන්නන්න. මෙයාගේ පැටිකිරිය දන්නා මේ රටේ මිනිස්සු හොඳට දන්නවා...
කරන එකාට කරන්න දීපල්ලා.. බොරුවට කොමිස් ගන්න දඟලන්නේ නැතුව
අක්කරය රුපියල් සීයක්වත් නොවටිනා ඉඩම් ?
තුට්ටු දෙකට බදු සහ විකුණපු ඉඩකඩම් ඔක්කොම ගන්න මෙයා... හැබැයි ඒක වෙන්නෙම නෑ. ඉර හඳ වගේ විශ්වාසයි. දන්නවනේ චීනෙට ඕවා වික්කා... සහ බදු දුන්නා.. නඩේ. ඔහෙත් අත ඉස්සුවා නේද? මොනවද මේ බයිලා කතා..?
අක්කරය රුපියල් සීයක්වත් නොවටිනා ඉඩම්? නාවලපිටියේද?
ඕවා අරගෙන කෙළින්ම ගජමිතුරන්ට නොමිලේම දීලා කීයක් හරි ඉල්ලගන්න. එහෙම නැතිනම් යාලුවෙක් නමට ලියවාගෙන පසුව තමන්ට ලියවාගන්න.
ඒ විතරක් නොවෙයි LRC එකට දුන්න මුඩු ඉඩම් වලට හරියන්න සරුසාර ඉඩම් ගත්ත ගොයියොත් ඉන්නවා. ඒවත් ආපසු ගන්න.