( නිමන්ති රණසිංහ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා වෙනත් ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට වෛද්‍ය පර්යේෂණ ආයතනය ආයතනය නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත.
ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෙනුවෙන් මෙම ඉල්ලීම කරනු ලැබ ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
ඖෂධ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක දී කළ විග්‍රහයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට ඊයේ 31 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබූනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා වීරයාවගේ මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ දෙන්න කල් මරණවා. මයික් එකක් හා කැමරාවක් දැක්කාම උත්තේජනය වෙන්න එපා විශේෂඥ වෛද්‍යතුමා. ඔබතුමාට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ බාලයි කියලා කියන්න ඖෂධ මාෆියාවෙන් කීයක් දුන්නද?
මොකද වීරයා වගේ කතාකරලා දැන් පස්ස ගහන්නේ
මෙතුමා සත්‍යය හා සමාජ වගකීම වෙනුවෙන් පෙනී සිටිනවාද, නැත්නම් මුට්ටි ගගට හලන්න එකතුවුනු වෛද්‍යවරයා සමාජ වගකීම ඉටුකලාද කියා මාධ්‍යයෙන් හෙලි දරව් වනවිට අපට අවබෝධ වේවි. විශේෂඥයන්ට අනුව නම් පරාක්‍රම සමුද්‍රයෙ රැලපනාව වෙනස් කොට කොන්ක්‍රීට් කලා නමි ගම් යටවී මහා ජීවිත හා භූමි විනාශයක් වන්නට තිබුණු බව මාධ්‍යයෙන් හෙළි වුනා. මෙසේ විශේෂඥ විමසීමෙන් තොරව මංතීරු සෑදීමට ප්‍රයත්න දැරීමත් කුමන්ත්‍රණයක් කියල හිතෙන්නෙ නැද්ද?
අර ගොමා මාෆියා කල්ලිය මෙතුමා සමග බද්ධ වෛරයකින් පසුවන්නේ. මේ ගොමා කල්ලිය මේ රටෙන් පන්නන තුරු නම් රටේ සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රය නගා සිටවන්න බැහැ. ජනතාවට සේවය කරන සැබෑ වෛද්‍යවරයෙකු වන ඔබ තුමා සමග මේ රටේ යුක්තිගරුක ජනතාව සිටිනවා වගේම ඔබ තුමාට ආශිර්වාද කරනවා!!
එයාට විතරක් එහෙම පුලුවන්ද ?රටේ සාමාන්‍ය ජනතාවට එහෙනම් එහෙම පුළුවන් ඕනි නේ
දේශීය බෙහෙත්වලට ඕනෑ දෙයක් කියන්න. හැබැයි බටහිර බෙහෙත්වලට කිසිම දෙයක් කියලා කට වරද්දගන්න එපා. නඩුත් හාමුදුරුවන්ගේ.., බඩුත් හාමුදුරුවන්ගේ...
ඖෂධ මාපියාවට යම් කෙනෙකු මිලදී හැනීම බොහොම පහසු දෙයක්. දියුනුවෙන රටකට ලේසි වන්නේ නහැ..