(නිමල කොඩිතුවක්කු)
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය ගොඩනැංවීම සදහා ප්‍රවාහන සේවා තුලින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් සකසන බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
මේ යටතේ ආදායම් වැඩි වශයෙන් උත්පාදනය කල හැකි දුම්රිය මාර්ග වන මරදාන සිට අවිස්සාවේල්ල දක්වා කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිම, මරදාන සිට රඹුක්කන දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිම, මරදාන සිට කළුතර දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම, රාගම සිට මීගමුව දක්වා පුත්තලම් දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරිය සඳහන් කළාය.
2022 වසරේ ප්‍රවාහන අමාත්‍යාශය සදහා අයවැය තුලින් ප්‍රවාහන සංවර්ධන කටයතු සදහා ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යංශයට අනුබද්ධ ආයතනය ප්‍රධානීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමග ප්‍රවාහන අමාත්‍යාංශයේදි අද(31) පැවති සාකච්ඡාවකදී ඇය මේ බව පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක සැරයක් මුහුදට පනින්න ගිහින් අමාරුවෙන් බේරුනේ.මේ සැරේ මොකදද කරන්න හදන්නේ
රත්නපුර දිස්ත්‍රික්කයේ අපිටත් දුම්රියක යන්න ආසයි 77 පෙර වහපු දුම්රිය මාර්ගය නැවත සකස්කරල දෙන්න
අයියෝ මෙයා මොනවා කරයිද මන්දා ඉතින් ඉස්සරහට
අනේ ආර්ථික සැලසුම් , අපි දැක්ක නේ කලින් ,
පරිසසමින්
බස් සහ දුම්රියවලට ඩීසල් වෙනුවට අර ධම්මික පැණි වක්කරන්න. කොරෝනා රෝගයට බිව්වා වගේ. එතකොට හරි...
ඔයා තමයි හොඳටම කරන්නේ මැඩම්...
බුදු අම්මෝ බස්වල මුට්ටි එහෙම අල්ලන්න යන්න එපා. තියෙන බස් ටිකත් හබස් වෙලා යාවිද දන්නේ නැහැ. බුදු සරණයි.. මේ වගේ කට්ටියම තමයි ලංකාවට ඕනෑ.