(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා දිවයිනේ සියලුම පවුල්වලට දේශීය ඖෂධ ඇතුළත් මංජුසාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවන ප්‍රදේශවලින් මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා අනතුරුව සෙසු ප්‍රදේශවලට ද මෙම මංජුසාව බෙදා හරින බව සඳහන් කළේය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී වසම් හරහා බෙදාහැරෙන මෙම ඖෂධ මංජුසාවට සුවධරණි, ගුඩුච්ඡාදී පානය, ඖෂධීය ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන ආහාර අතිරේක ඇතුළත් කැඳ පැකට් ආදිය ඇතුළත් කරන බව ද සිසිර ජයකොඩි මහතා කීවේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දෙයක්
යම් තරමකට හරි ප්‍රතිශක්තිකරණය වැඩිවෙයිනෙ
මේවා නිකන් පුවත් විතරයි
හොද දෙයක් නම් කමක් නැ . ප්‍රතිශක්තිකරණය වැඩිවෙයිනෙ
මේවා හරියනවද අනේ මන්දා . හොද දෙයක් නම් ජනතාවට හොදක් වෙයි
නින්දෙන් ඇහැරිලා වගේ ආණ්ඩුව සිංහල වෙදකමට සහ ආයුර්වේදයට පොඩි තැනක් දෙන්න හිතලා. හැබැයි චේතනාව අවංකද? කලින් කාලිගේ පැණියක් ගෙනැල්ලා සිංහල වෙදකමට නින්දා කළා. ඇමැතිවරයා නම් අවංක පුද්ගලයෙක් බව ඔප්පු කරලා තියෙනවා. බෙල්ලට හිරවෙන කොට තමයි ආණ්ඩුවට මතක් වෙලා තියෙන්නේ. බටහිර බෙහෙත් ගන්න සල්ලි නැති වෙනකොට... එහෙම නමුත්, කොරෝනාවලට ප්‍රතිකාර කරන්න සිංහල වෙදකම අන්තිමට අල්ලා ගන්න හේතුව කංසා නීතිගත කිරීමේ යටි අරමුණින්ද? එහෙම වෙන්නත් පුළුවන්....
වෙන තැනක කංසා වලට ප්‍රචාරයක් දීල තිබුනා. මම හුඟක් වගකීමෙන් කියනව "කංසා කියලා පැලෑටියක් සිංහල වෙදකමේ නැහැ". අපේ සිංහල මුතුන්මිත්තෝ මත් වෙන දේ වෙදකමට පාවිච්චි කළේ නැහැ. ඔවුන් සුර, සුරා දෙකම ප්‍රතික්ෂේප කළා. අපේ සිංහල සෘෂිවරු සංස්කෘත ක්‍රමයට සිංහල භාෂාවෙන් ලියපු වෙද ග්‍රන්ථ වලින් ඉන්දියාව ආයුර්වේදය හදා ගත්තාට, ඔවුන්ට අපේ සිංහල වචන වල තේරුම හරියට තේරුම් ගන්න බැරි වුණා. කංසා කියන්නෙත් එහෙම වරද්දා ගත්ත වචනයක්... ඉන්දියානුවන්ට අදටත් අපේ වෙදග්‍රන්ථ වල තියෙන "රස ශාස්ත්‍රය" කියන වචනයේ තේරුම, තේරුම් ගන්න බැහැ. අපේ අයත් ඉන්දියාව අනුගමනය කරමින් කංසා කියන්නේ පැළෑටියක් කියලා වරද්දාගෙන. සමහරු අබිනුත් පාවිච්චි කරනවා. ඉන්දියානු ආයුර්වේදයට අබිං ආවේ අරාබියේ ඔපියුම් වලින්. සිංහල සෘෂිවරු වෙද ග්‍රන්ථ සංස්කෘත ක්‍රමයට ලියන්න හේතුව සංස්කෘත වචන වලට තේරුම් කීපයක් තියෙන හින්දා, අපේ වෙද රහස් ආරක්ෂා කරන්න. මම දේශීය වෛද්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා හිටිනවා, කංසා කියලා, අපේ සිංහල වෙදකමේ නැති, වැරදි, ඒ වගේම මත්ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරන දෙයක්, සිංහල වෙදකමේ නාමයෙන් නීතිගත කරන්න ඉඩ දෙන්න එපා.
මේවා පුවත් නොව නිකම් අපි ඉන්නවා කියලා පෙන්නන්න කරන ඇස් බැන්දුම්... තවත් මුට්ටියක් විතරයි.
උඹලගෙ මංජුසාව තමයි පිරෙන්නෙ.
ධනපාල බාස්ගෙ පැණිහැලියෙන් ආයුර්වේදය නැනැත්තට නැතිවුණා. කුරුණෑගල ආරියවංශ මහතාගේ බෙහෙතට ලියාපදිංචිය ඉල්ලූ ගොනුව දෙපාර්තමේන්තුව තුලදී අස්තාන ගතවුනා. කොමා සාකච්ඡාවකදි කිව්වා කවුරුවත් ලියාපදිංචියක් ඉල්ලල නැති බවක් අපි විශ්වාස කරනවා, හිටපු අගවිනිසුරු තුමා බොරු නොකියන බව.ඇමතිතුමා ඔබතුමා ආරියවංශ මහතාගේ ලිපියක් ගත්තා ඒකට මොකවත් කරන්නෙ නැද්දෝ
ධම්මික පැනිය වගේද