ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ (31) නැවත වරක් 204 සීමාව ඉක්මවා පහළ ගියේ ය.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙරට ඉතිහාසයේ පළමු වරට ඉකුත් අප්‍රේල් මාසයේ දී රුපියල් 204 සීමාව ඉක්මවා පහළ ගියේ ය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය ඊයේ 15) රුපියල් 204.89ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 198.90ක් ලෙසත් දැක්විණි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම විකුණුම් අගය ද මෙය වේ.
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ජූනි මස 23 වැනිදා සිට පෙරේදා (30) දක්වා එකම අගයක පැවැතුණි.
මේ අතර ජනවාරි 1 වැනි දා සිට අගෝස්තු 27 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.8කින් අවප්‍රමාණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි තමයි හොඳටම කලේ .කවුරුවත් ඒවා ගැන කතා කරන්නේ නැහැනේ
කෝ අර නිවිච්ච කෙනා...?