‘‘ඉන්දීය භාණ්ඩ නිදහස් කරන්න සියල්ල සූදානම්‘‘
ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් 1,237 ක් වරායෙන් නිදහස් කර ගැනීම සඳහා, අවශ්‍ය තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යවා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .