ශ්‍රී ලංකාවේ රාජ්‍ය-පෞද්ගලික බැංකු 13ක් ගැන අවධානයෙන් බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය හිඟ වීම නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක් දෙස පරීක්ෂාවෙන් බලා සිටින බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ස් ආයතනය සඳහන් කර ඇත. 13 April 2022
රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම රජය බාර ගත යුතුයි රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම වත්මන් රජය බාරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 13 April 2022
අවුරුදු කැවිලි මිලත් ඉහළට නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා කැවිලි වර්ගවල මිල දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති. 13 April 2022
මන්ත්‍රීවරුන් බිලිබාගන්න පසුබිමක රජය සමග සාකච්ඡා නෑ මන්ත්‍රීවරුන් බිලිබා ගන්නා පසුබිමක රජය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට අදහසක් නැතැයි අපේ ජන බල පක්ෂය පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 13 April 2022
පරණ අවුරද්දෙත් ඉන්ධන පෝලිම් ඩොලර් නොමැතිවීම නිසා රට තුළ පවතින ඩීසල් සහ පෙට්‍රල් හිගය හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක අද (13) ත් ඉන්ධන පෝලිම් දක්නට ලැබිණි . 13 April 2022
නාවික හමුදාව ඇල්ලූ කෝටි 670 වටිනා කුඩු ගාල්ලට ශ්‍රී ලංකාවට දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදේදී අද (13) අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය රුපියල් මිලියන 6708 ක් හෙවත් රුපියල් කෝටි 670 කට අධික විථි වටිනාමකින් යුත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 13 April 2022
අත්‍යවශ්‍ය ඖෂධ ගන්න රටවල් 7ක් සමග සාකච්ඡා ඇරඹෙයි ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා රටවල් හතක් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. 13 April 2022
ශාන්තට දුන් තනතුර අහෝසි කරන තුරු ජනපති සමඟ සාකච්ඡා නෑ ශාන්ත බණ්ඩාර මහතාට ලබාදුන් රාජ්‍ය අමාත්‍යධූරය අහෝසි කරන තුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවන්ට සහභාගී නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 13 April 2022
නුවරඑළියේ මන්ත්‍රී බංගලාව අවුරුදු මාසයටම ’’බුක්’’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නුවරඑළියේ පවත්වාගෙන එනු ලබන සෙන්පති නිවෙස (general,s house ) බංගලාව සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්කරගෙන අවසන්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 13 April 2022
විදෙස් ගත ලාංකිකයන්ට මහ බැංකු අධිපතිගෙන් ආරාධනයක් මුදල් එවීමේදී මෙරට බැංකු පද්ධතිය භාවිත කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. 13 April 2022
ඉන්ධන නැතුව සුරාබදු වැටලීම් අඩාල වෙයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉන්ධන හිඟය නිසා විශාල වශයෙන් අඩපණව ඇතැයි එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 13 April 2022
රජය තරුණයන් සමඟ සාකච්ඡාවකට සූදානම් රටේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව සමග සාකච්ඡාකිරිමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලංකාදිපයට පැවැසිය. 13 April 2022
අමාත්‍යාංශවල වියදම් තවත් කපන්න යයි සියළු අමාත්‍යංශවල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර ඇත. 13 April 2022
ගිරිඋල්ල මාර්ගයේ පිරවුම්හලක් අසල නාදුනන මළ සිරුරක් පස්යාල ගිරිඋල්ල මාර්ගයේ විජය රජදහන ඉන්ධන පිරවුම් හල සමීපයෙ පාර අයිනේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් අද 13 උදේ සොයාගත් බව මිරිගම පොලිසිය කියයි . 13 April 2022
රටින් ගේන භාණ්ඩ 367ක තහනම දීර්ඝ කරයි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 කට පනවනු ලැබ ඇති ආනයන තහනම රජය විසින් තවදුරටත් දීර්ඝ කරනු ලැබ ඇත. 13 April 2022
හොරණ පිහි ඇනුමකින් අයෙක් මරුට මත්වතුර පානය කරන අවස්ථාවේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අද (13) අලුයම සිදු වූ පිහි ඇනුමකින් හොරණ ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය කියයි. 13 April 2022
නිව්යෝක් නුවර වෙඩි තැබීමක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පළාතේ උමං දුම්රිය ස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 13 දෙනෙක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 12 April 2022
රාජපක්ෂවරුන්ට කඩේයාම ගැන පශ්චාත්තාප වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ සටනේදී සහයෝගය දැක්වූ ප්‍රවීණ සංගීතඥා ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ රජයට එරෙහි ජනතාව ගෙන යන අරගලයට සහයෝගය පළකර තිබේ. 12 April 2022
අලුත් කොරෝනා ආසාදිතයෝ 60 ක් කොවිඩ් ආසාදිතයින් තව 60 දෙනෙක් අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 12 April 2022
ඉන්දීය සහල් ටොන් 11,000 ක් එයි ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කිරීමට නියමිත සහල් මෙට්‍රික්ටොන් 40,000 ක මෙට්‍රික්ටොන් 11,000 ක පළමු සහල් තොගය රැගත් නෞකාව අද (12) පස්වරුවේ කොළඹ වරායට ළඟා විය. 12 April 2022
ශාන්ත බණ්ඩාරට විරෝධයක් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (11) පස්වරුවේ දිවුරුම්දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට විරෝධය දක්වමින් පිරිසක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානය ඉදිරිපිට අද (12) පෙරවරුවේ විරෝධතාවක නිතර වූහ. 12 April 2022
ඇමැතිකම බාරගත්තේ රටේ තත්ත්වය ගැන හිතලයි නව අමාත්‍යාංශය බාරගත්තේ රට මේ මොහොතේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 12 April 2022
කලාකරුවොත් අරගලයට ගෝල්ෆේස් එති ජනාධිපති ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස් ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට අද (12) කලාකරු ෙවා් එක්වූහ. 12 April 2022
රටේ අර්බුදයට විසදුම් සොයන කණ්ඩායමට එක්වෙන්න රටේ පවතින තත්ත්වයට විසදුම් යෝජනා ඉදිරිපත් කිරිමට වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සකස්කරන අතර ඊට එක්වන්නැයි රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම්වලට ආරාධනාකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 12 April 2022
ණය ගෙවීම ගැන සොයන්න තේරීම් සභාවක් ඉල්ලයි ණය ගෙවීම් පැහැර හැරීම සහ රුපියල අවප්‍රමාණය වීම ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටී. 12 April 2022
ගාලුමුවදොර විරෝධයට තවත් පිරිසක් එක් වෙති ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට එරෙහිව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට සහය පල කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් හා ජනතා ප්රජාතන්ත්රවාදී ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් වූ ජනතා නීතිඥ එකමුතුව අලුත්කඩේ උසාවියේ සිට පා ගමනින් ගාලු මුවදොර පිටියට පැමිණියහ. 12 April 2022
රම්බොඩ ඇල්ලේ දිය නෑ තුනක් ගසා ගෙන ගිහින් කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය හත් දෙනෙකුගෙන් තිදෙනකු ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 12 April 2022
‘‘රෝහල්වල කිසිදු හිඟයක් නෑ‘‘ රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. 12 April 2022
බාබකියු උඳුනක් කාමරයේ තබා ගත් තිදෙනෙක් රෝහලට බාබකියු උදුනක් කාමරයක සිතලට ලබාගෙන නින්දට ගිය පුද්ගලයන් තිදෙනකු සිහිසුන් වි සිටියදි නුවරඑලිය මහ රෝහලට ඇතුලත් කළ බව නුවරඑලිය පොලිසිය පවසයි. 12 April 2022
ලංකාව ණය පියවීම නවත්වයි ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඩොලර් බිලියන 51 ක බාහිර ණය මුදල පියවීම තාවකාලිකව අත්හිටු වූ බව මුදල් අමාත්‍යංශය අද (12) නිවේදනය කළේය. 12 April 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026