
(අංජුල මහික වීරරත්න)
සමෘද්ධිමත් ලාංකික ජාතියක් බවට පත් වීම සඳහා එකට එක්ව සටන් කරමු යැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරැයුම් කළේය.
බංකොලොත්භාවයට එරෙහිව එක්ව සටන් කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව කීවේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තිකයින් සමඟ පැවැති සාකච්ඡාවකදීය.
එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ගිය ජනාධිපතිවරයා සහ එරට ඩයස්පෝරාව අතර හමුව බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබිණි.
ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය.
බ්‍රිතාන්‍ය නව රජුගේ නායකත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ලෙස අනාගත අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද දන්නේ නැහැ නේද මෙයාගේ මේ ඩයස්පෝරාව.
ඒ රටවල ජීවත් වෙනවා නම්, ආයේ මොකටද ලංකාවේ දේශපාලකයින්ව බැහැදකින්නේ? මොවුන්ගෙන් ආයේ මොනවා ලබා ගන්නද? අඩුතරමේ ලංකාවට ඇවිත් සැනසිල්ලේ නිවාඩුවක් ගතකරලා යන්න තරම් වත් වාතාවරණයක් මොවුන් රට තුල ඇතිකරලා තියනවද? හරිනම් ඔබලා කලයුත්තේ මේ හොර තක්කඩි පාලකයින්ට එරෙහිව ජාත්‍යන්තරයේත් සහය ඇතිව හොර දේශපාලකයින්ව හිරගත කිරීමට ඔවුන් සමග එක්ව කටයුතු කිරීමයි. ඇත්තම කියනවා නම්, ඉතාම වැදගත් දේශපාලන නායකයින් සිටින රටකට මෙවන් හොර තක්කඩියන්ට පය තැබීමටවත් නොහැකිවෙන සේ කටයුතු කිරීමයි. මොන උනත් පාර්ලිමේන්තුවේ හොර තක්කඩියන්ගේ චන්දෙන් පත්වී ඔවුනට උපරිම සේවයක් කරන මේ පුද්ගලයා පැමිණෙන විට සියල්ලන්ම අසුන්වලම හිඳගෙන සිටීම ගැන මම මේ ජනතාවට ගරු කරමි..
රට පාවාදීමේ ආරම්භය සමග රනිල් දේශපාලනේ නැත්තටම නැතිවීමේත් ආරම්භය. දෙමල ඩයස්පෝරාව ඉස්සෙල්ලාම ඉල්ලන්නේ ස්වයං තීරණ ගැනීමේ අයිතිය,13 වෙනි සංසෝධනය ක්‍රීයාත්මක කිරීම ඊට පස්සේ රටෙන් 2/5.
මේක දෙමළ සිංහල නැතුව ශ්‍රිලාංංකික ඩයස්පොරාව කියල කියමු. නැත්නම් ජාතිවාදය සදාකල් පවතීවි.
ඇපි රඅනිල් වික්‍රමසිංහ මහත්තයට අවස්තවක් දෙමු. රට විනශ මුඛයට තල්ලු වෙලා ගිය වෙලෙ නිහතමානීව වගකීම් බාර ගත්තෙ මෙතුමයි.
ඒතකොට ඩයස්පෝරාවෙන් මොකුත්ම කියල නැද්ද..?