
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2019 නොවැම්බර් සිට වර්තමානය දක්වා රටේ ආර්ථික පසුබෑම සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවන ලෙස ඉල්ලමින් විපක්ෂ මන්ත්‍රීවරුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබේ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ද විපක්ෂයේ ඩලස් කණ්ඩායමද දෙමළ ජාතික සන්ධානය ද අත්සන් කළ එම ලිපිය අද (20) කථානායකවරයාට බාර දී ඇත.
ඒ අනුව මෙරට ආර්ථික පරිහානියට පත් කරමින් රටේ අධි උද්ධමනයකට පත්වීම, අදාල කාලසීමාවේ වගකීම් දරන පුද්ගලයන් නිසි පරිදි කාර්ය භාර්ය ඉටු නොකිරීම, නිසි බලධාරීන් ආර්ථික අර්බුදය වැලැක්වීමට ප්‍රමාණවත් පියවර නොගැනීම, රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු තිබුණේද සොයා බැලිය යුතු බවට අදාල ලිපියේ කරුණු වශයෙන් සඳහන් කර ඇත.
මෙහිදී අදාල කාරක සභාවට සහය වීම පිණිස අදාල ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගත යුතු බවටද එහි සඳහන් කර තිබේ.
මෙම කාරක සභාව රුස්වන පළමු දිනයේ සිට මාස 03ක කාලයක් තුළ කාරක සභාව විසින් සිය වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ ගොන් රැල හිතන්නෙ 2019 ට කලින් මෙ රට හොඩට තිබ්බ කියල. මුන් ඔක්කොම රට කාල දැන් හොද වෙන්න හදනව.