(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සල්ලි බෑගයක් යැයි සිතා ව්‍යාපාරිකයකුගේ ගෙල මිරිකා බෑගයක් කොල්ලකෑ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු ඇතුළු තිදෙනකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු හිටපු හමුදා සෙබළකු බව පොලිසිය කියයි. එහි මුදල් නොතිබී ඇති අතර වෙනත් භාණ්ඩ වගයක් තිබූ බව පොලිසිය පවසයි.
සැකකරුවන් සමග කොල්ල කන ලද භාණ්ඩ අඩංගු බෑගය සහ කොල්ලකෑමට පැමිණි යතුරු පැදියද පොලිසිය මඟින් සොයාගෙන ඇත.
රාත්‍රී කාලයට පමණක් විවෘත කර තිබෙන පැපිලියාන ප්‍රදේශයේ සිල්ලර වෙළඳ සැලක හිමිකරු වෙළඳසල වසා බස් රථයක් පැමිණෙන තුරු වෙළඳසැල ඉදිරිපිට රැඳී සිටියදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ බව පොලිසිය කියයි.
යතුරු පැදියෙන් පැමිණි කොල්ලකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු යතුරුපැදියෙන් බැස පැමිණ බස් රථයක් බලාපොරොත්තුව රැඳී සිටින පුද්ගලයන් දෙදෙනකු ලෙස ව්‍යාපාරිකයා ආසන්නයට පැමිණ මද වේලාවක දී ව්‍යාපාරිකයා වෙත කඩාපැන ඔහු අත දරා සිටි බෑගය කොල්ල කා යතුරු පැදියේ නැගී පලාගොස් තිබිණි.
අදාල කොල්ලය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුවන් තිදෙනා බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොල්ලයේ ප්‍රධාන සැකකරු වන හිටපු හමුදා සෙබලා වන අරගල ක්‍රියාකාරිකයා ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ තලංගම නිවසට පහර දීම හා මොරටුව නගරාධිපතිවරයාගේ නිවසට පහර දී ගිනි තැබීමට සම්බන්ධ පුද්ගලයකු බවත් පොලිස් නිලධාරීන් ඔහුගේ නිවස සෝදිසි කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරී එය වීඩියෝ දර්ශනය කර සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරි පුද්ගලයා බවත් පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල ක්‍රියාකරකියා... අර මංකොල්ලා කෑව පොලිස්කාරයෝ ගැන මෙච්චර උනන්දුවෙන් ලියන්නේ නැහැ නේ. ඇයි දන්නේ නැහැ නේ.
රනිල් රාජපක්ෂගේ බත්බැල පොලිසිය හදපු අවලස්සන කතාවක්...!!! උසාවියේදී මෙය බොරුවක් බව අපි සාක්ෂි ඇතිවම ඔප්පු කරනවා.
තව කොහෙද අරගලකාරයන්ට පාලන බලය ගියා නම් එහෙම..?
එළ කිරි. අනේ අහිංසක නිර්පාක්ෂික අරගල උත්තමයන්ට නඩු දාන්න එපා. අපේ නීතිඥ සංගමය ඔවැනි අහිංසකියින් වෙනුවෙන් නොමිලේ සහාය දෙනවා. ඉතින් පොලීසිය පරාදයිනේ.
ඕක තමා අරගලයේ ජාතිකත්වය, නියම සුරැපය දිනෙන් දින මතුවෙනව හොරකම, ගිනි තැබිම් , මංකොල්ල කෑම් මිනිමරැම්.
රට කොල්ල කෑමට අරගල කාරයෝ පුහුණුවක් ලබලා.
පේනව නේද අරගලය මුවාවෙන් සමහරු කරපු දේවල්, මේකට අරගලයට දොස් කියන්න එපා, අරගලයේ අරමුණ මේව නෙවෙයි .අරගලයට කවුරුවත් සම්මුඛ පරීක්ෂණ කරල නෙවෙයි ගත්තෙ, සම්මුඛ පරීක්ෂණ කරල නොමිනේෂන් දීල පත්කරපු මන්ත්‍රීල මනීමරන රටක්, අරගලයට ජවවෙවා,