(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි බිල ගෙවීම අසීරු පූජනීය ස්ථාන සම්බන්ධයෙන් ලැයිස්තුවක් පිළියෙල කරගෙන යන බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ඒ අනුව කළ හැකි දේ මොනවාදැයි සොයා බලන බවද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විදුලි බිලේ ප්‍රශ්නය ගැන විදුලිබල අමාත්‍යවරයා සමග කිහිප වරක්ම සාකච්ඡා පැවැත්වූ බව පැවසූ වික්‍රමනායක මහතා සහන ලබා දෙන වකවානු ගැන දැන්ම අදහසක් පළ කළ නොහැකි බවද සඳහන් කළේය.
කඨින පින්කම් වලට පෙර විදුලි බිලට විසඳුමක් ලබා දිය හැකි යැයි තමා ප්‍රකාශ නොකරන බවත් බොරු පොරොන්දු දීමට අකමැති හෙයින් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඔහු කිවේය.
ආගමික ස්ථානවල විදුලි බිල සම්බන්ධයෙන් අමාත්‍යාංශයට යම් මැදිහත්වීමක් කළ හැකි දැයි රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා එම ප්‍රශ්නය මතු කරමින් විමසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද, දායකයෝ හිඟන්නොද? දෙයියන්ගෙන්, බුදුන්ගෙන් පිහිටක් නැද්ද? මුස්ලිම්, ක්‍රිස්තියානි, හා හින්දු කෝවිල් වලට නම් ඔය රජයේ ආධාර වැදගත් වෙන එකක් නැහැ නිසැකවම. ලජ්ජා නැද්ද, විදුලිය පාවිච්චි කරලා රටේ ජනතාවට බර පටවන්න. ඕකටද ආගම ධර්මය කියන්නේ? මේක මහා විකාරයක්නෙ, අනුන්ගේ පවුත් දැන් අපට තමයි කර ගහන්න වෙලා තියෙන්නේ.
ජනතාවට සහන දීම = දේශපාලකයන්ට හොරා කෑමට බලපත්‍ර දීම.
ආගමික ආයතන වලට පමණක් සහන දෙන්න එපා. එය අනවශ්‍ය දෙයක්. සහන දෙනවා නම් සියලු දෙනාටම දෙන්න.