(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඇසීම සඳහා රුපියල් ලක්ෂ 90ක් වැය කර වෙනම රැස්වීම් දිනයක් පැවැත්වීමට සූදානම් වන බවත්  ඒ අපරාධයට ඉඩ නොතබන්නැයි  තමා ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගය  පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (20)පැවසීය.

තමා ඒ තීරණයට විරුද්ධ බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ  අවස්ථාවේදීය.

ඒ තීරණය ගත් පක්ෂ නායක රැස්වීමට තමාද සහභාගී වූ බවත් එදා  කතා නොකළේ මෙතන පැමිණ ඒ ගැන කීමට අවශ්‍ය වූ නිසා බවත් චමින්ද විජේසිරි මහතා  පැවසීය.

මේ අවස්ථාවේදී එපමණ මුදලක් වැය කිරීම අසාධාරණ බවද  හෙතෙම සඳහන් කළේය.