IMG-LOGO

මැතිසබේ මුදල් වෙන් කිරීමකට චමින්දගේ විරෝධය

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඇසීම සඳහා රුපියල් ලක්ෂ 90ක් වැය කර වෙනම රැස්වීම් දිනයක් පැවැත්වීමට සූදානම් වන බවත්  ඒ අපරාධයට ඉඩ නොතබන්නැයි  තමා ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගය  පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (20)පැවසීය.

තමා ඒ තීරණයට විරුද්ධ බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ  අවස්ථාවේදීය.

ඒ තීරණය ගත් පක්ෂ නායක රැස්වීමට තමාද සහභාගී වූ බවත් එදා  කතා නොකළේ මෙතන පැමිණ ඒ ගැන කීමට අවශ්‍ය වූ නිසා බවත් චමින්ද විජේසිරි මහතා  පැවසීය.

මේ අවස්ථාවේදී එපමණ මුදලක් වැය කිරීම අසාධාරණ බවද  හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

මැතිසබේ මුදල් වෙන් කිරීමකට චමින්දගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 639 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site