(යොහාන් භාසුර)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිට නැවත පැමිණීමෙන් පසුව සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත්කරනු ඇති බවත් මීට පෙර සාර්ථක ඇමතිවරුන්ට ඔවුන් දැරූ ඇමති ධූර නැවතත් ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (20) පැවසීය.
වගකීම නිවැරදිව ඉටුකළ සියලු දෙනාට ඊට පෙර කටයුතු කළ රාජ්‍ය ඇමති ධූරයම ලබාදී ඇති බව කී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වරාය හා නාවික කැබිනට් අමාත්‍යවරයා ලෙස සාර්ථක වීම නිසා එම ඇමති ධූරයම ලැබීමට ඉඩ ඇති බව ද සඳහන් කළේය.
වරාය හා නාවික කැබිනට් අමාත්‍යවරයා ලෙස කොළඹ වරාය අලුත් වරායක් බවට පත්කිරීමට හැකි වූ බව කී අබේගුණවර්ධන මහතා සඳහන් කළේ තම අමාත්‍ය ධූර කාලයේදී කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ථ ඉදිකිරීම් ආරම්භ කළ බවත්ය.
විපක්‍ෂය සහ සමාජ මාධ්‍ය ජාලා කියන දේ කිරීමට රාජ්‍ය නායකයා කටයුතු කළ හොත් රට පාලනය කළ නොහැකි බවත් විපක්‍ෂයේ ඉලක්කය ඊළඟ මැතිවරණය ජය ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මානය කිරීමට ආණ්ඩුව පිරිහීමට ලක්කිරීම බවත් හිටපු අමාත්‍යවරයා කීය.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස තැන් තැන්වල ආණ්ඩුව විවේචනය කරනවා වෙනුවට අගමැති ධූරය භාරගන්නා ලෙස ආරධානා කළ අවස්ථාවේදී ලබාගත්තේ නම් වඩාත් හොඳ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි දුරටත් කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ලේ පිහිටි පක්‍ෂ කාර්යාලයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවේදී රෝහිත අබේගුණවර්ධන මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයෙ බුරන්න පටන් අරන් තියෙන්නෙ. පරන පුරුදු ආදායම් මර්ගයෙ ඇමති දූරයවත් දෙනවා කිවාද?.
පරණ හොරුම අපහු එයි.
ඔයා මොනව කෙරුවත් වැඩක් නැහැ .. ඔයා ඉන්නකන් මෙ රටට වගතුවක් නැහැ .
සියලුම නාමධාරීන් රාජපක්සලා උනොත් නේද ඔය මණ්ඩලේ සම්පූර්න වෙන්නෙ. එහෙම නේද ඇමති තුමෝ.
හිටපු පට්ට හොර දූෂිතයෝ ටික ඇමතිකම් ගන්ඩ කෙළ හළ හළා ඉන්නේ? මොන ඇමතිකම් ගත්තත් ඔය දූෂිත දේසපාලුවන්ව දැන් කවුරුවත් ගනන් ගන්නේ නැහැ.
නුබ ඔය කියන කැබිනෙට්ටුව ඒකට උඹලා සේරම කට්ටිය දමලා සීල් කරලා යතුර ගන්න ඕන ජනතාව අතට. මොන්ගල් මිහරක්. පට්ටම නම් තියෙනවා ඉහටත් උඩින්. රට වැසියො හිගා කනවා. හොරා කැවෙ නැතිනම් මේරට අද කොයිතරම් ලස්සනද. ඇස් දෙක ඇරලා බලපල්ලා. අනිත් දුප්පත් රටවල්. කොයිතරම් නිති ගරුකද කියලා. වරදට දඩුවම හැමරටේම දෙනවා. අපේ රටේ විතරයි දඩුවම් දෙන්නෙ නැත්තෙ. තොපි සේරම ඉන්නෙ ඕනෙ කැබිනෙට්ටුවෙ නොවේ. හිර ගෙදර. රනිල් ආවාම සෙරම එකට. පලයල්ලා කුඩුවට
Hope you fellow has no such authority..