IMG-LOGO

පාර්ලිමේන්තුවේ විදුලි බිල මාන්නප්පෙරුම හෙළිකරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල්  ලක්ෂ හැටක් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවේදී අද (20)  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ  පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන්  විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාට  ප්‍රශ්නයක් යොමු කරමිනි.

විදුලි බිල අඩු කිරීමට අදාළව අදහස් පළවෙමින් ඇති  බවත් මේ මොහොතේ රටට ආදර්ශයක් වශයෙන්  පාර්ලිමේන්තුවේවිදුලි  බිල අඩු කිරිම සඳහා සූර්ය බලයෙන්  විදුලිය  ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ යුතු බවත්  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා:

පාර්ලිමේන්තුවේ විදුලි බිල අඩු කිරිම අවශ්‍යයි. පාර්ලිමේන්තු වහලේ සූර්ය පැනල සවි කිරිම ගැටලුවක් නම් පාර්ලිමේන්තුවට අයත් වෙනත් ඉඩමක සූර්ය පැනල සවි කර විදුලිය ලබා ගැනීමේ යෝජනාවක් මණ්ඩලය ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම රෝහල්වල වහල මත සූර්ය පැනල සවි කිරීම මේ වසරේ අවසන් කරනවා. පාසල්වලත් පළාත්සභා ගොඩනැගිලිවලත් සූර්ය පැනල සවි  කිරීමේ කටයුතු පටන් අරගෙන තිබෙනවා.  සූර්ය පැනල සවි කිරිම සඳහා  මණ්ඩලයෙන් මූල්‍යමය වශයෙන් උපකාර කළ නොහැකියි. නමුත් තාක්ෂණික සහය දිය හැකියි.



අදහස් (0)

පාර්ලිමේන්තුවේ විදුලි බිල මාන්නප්පෙරුම හෙළිකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 639 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site