(යොහාන් භාසුර)
විදේශ සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කර අළෙවි කිරීමේ හිමිකම් ලබාදීමේ ව්‍යාපෘතිය බලශක්ති අමාත්‍යංශය එකවර ඉදිරිපත් කළ කොන්දේසි කීපයක් හේතුවෙන් අතරමග නතර වී ඇති බව වාර් තා වේ.
එම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන්ට ආරාධනා කිරීම සඳහා පළ කළ පුවත්පත් දැන්වීම්වල ඇතුළත් නොවූ කොන්දේසියක් ඇතුළත් කිරීම නිසා ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කළ විදේශ සමාගම් 24 ඉන් ඉවත්වීමේ තත්වයක් උද්ගත වී ඇති බවත් ඒ හේතුවෙන් මේ වන විට එම ව්‍යාපෘතිය අතරමඟ නතර වී ඇති බවත් දැනගන්නට තිබේ.
පළමු වසර තුළ එම සමාගම් ණය පදනම මත ඉන්ධන සැපයීම සහ එම සමාගම් ශ්‍රී ලංකා තුළට ගෙන එන මුදල් වසර කාලයක් ගතවන තෙක් රටින් පිටකළ නොහැකි යැයි කොන්දේසි පැනවීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ... මොලේ තමයි මොලේ...!