(ඉන්දිකා රාමනායක)

සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා  ඉකුත් (16) දින රාත්‍රියේ  රත්මලාන බෙලෙක්කඩේ හංදිය ඉන්ධන පිරවුම්හලින්  රුපියල් 11,58,000ක මුදලක් කොල්ලා කා පලාගොස් සිටි සැකකරුවන්  දෙදෙනා  තඹුත්තේගම ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී   විශේෂ පොලිස් කතණ්ඩායමක්  විසින්  අද  (20) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා  එකම පවුලේ සහෝදරයන් බවත්, තදින්ම  මත්කුඩු හා අයිස් පානයට ඇබ්බැහිව සිටින ඔවුන්  රත්මලාන බංගලාවත්තෙ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව   ඉන්ධන පිරවුම් හලින් කොල්ල කෑ මුදලින්   රුපියල් ලක්ෂ 3 ට ආසන්න මුදලක් තිබී ඇති අතර සෙසු මුදල් ඔවුන්  මත්කුඩු පානය හා විනෝද වීම සදහා  වියදම් කර ඇති බවද පොලිසිය පවසයි.