IMG-LOGO

බෙලෙක්කඩේ හංදිය පිරවුම්හල කොල්ල කෑ අය අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා  ඉකුත් (16) දින රාත්‍රියේ  රත්මලාන බෙලෙක්කඩේ හංදිය ඉන්ධන පිරවුම්හලින්  රුපියල් 11,58,000ක මුදලක් කොල්ලා කා පලාගොස් සිටි සැකකරුවන්  දෙදෙනා  තඹුත්තේගම ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී   විශේෂ පොලිස් කතණ්ඩායමක්  විසින්  අද  (20) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා  එකම පවුලේ සහෝදරයන් බවත්, තදින්ම  මත්කුඩු හා අයිස් පානයට ඇබ්බැහිව සිටින ඔවුන්  රත්මලාන බංගලාවත්තෙ පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව   ඉන්ධන පිරවුම් හලින් කොල්ල කෑ මුදලින්   රුපියල් ලක්ෂ 3 ට ආසන්න මුදලක් තිබී ඇති අතර සෙසු මුදල් ඔවුන්  මත්කුඩු පානය හා විනෝද වීම සදහා  වියදම් කර ඇති බවද පොලිසිය පවසයි.



අදහස් (0)

බෙලෙක්කඩේ හංදිය පිරවුම්හල කොල්ල කෑ අය අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 638 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site