ෆයිසර් සිවුවැනි මාත්‍රාවත් දෙන්න හදයි මෙරටට ගෙනවිත් ඇති ෆයිසර් එන්නත අගෝස්තු මාසයේදී කල් ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. 16 April 2022
නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයකින් ලක්ෂ 270 කොල්ල කාලා කඩවත ප්‍රදේශයේ ප්‍රසිද්ධ නිමි ප්‍රදර්ශනාගාරය සේප්පුව බිඳ රුපියල් ලක්ෂ 270 ක් සොරාගත් සැකකරු එහි ඉහළ මාලයේ ජල ටැංකියක් මත සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 16 April 2022
නව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම් නව කැබිනට් මණ්ඩලය දිවුරුමේ සියලු කටයුතු මේ වන විට සූදානම් බව රජයේ ආරංචි මාර්ග කියයි. 16 April 2022
මැති ඇමැතීන්ට ’’රට සවාරි’’ තහනම් අත්‍යාවශ්‍යම කාරණයකට හැරෙන්නට විදේශ සංචාරවලින් හැකිතාක් වැළකී ඉදිරි සති කිහිපයේදී මෙරටේම රැඳී සිටින්නැයි ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත. 16 April 2022
‘විශ්වාසභංගයට කම්කරු කොංග්‍රසයේ සහාය නෑ‘ ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොංග්‍රසය සහය නොදීමට තීරණය කර ඇත. 16 April 2022
‘පාර්ලිමේන්තුව මේ මොහොතේදී රැස් නොවීම පුදුමයි‘ දේශපාලන ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුව මේ මොහොතේදී දිනපතා රැස් නොවීම පුදුම සහගත බව පැෆ්රල් සංවිධානය පවසයි. 16 April 2022
’’ජනපතිතුමාගේ පියවර ගැන ජනතාව බලාගෙන ඉන්නවා’’ ජනාධිපතිවරයා ජාතිය අමතා සිය සැලසුම් ජනතාවට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 16 April 2022
‘‘මහනායක හිමිවරුන් ඊළඟ පියවරට යා යුතුයි‘‘ වත්මන් පාලකයන් මහා නායක ස්වාමීන් වහන්සේලාගේ මතයට ඇහුම්කන්දී නැතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති. 16 April 2022
අද - හෙට විදුලි කප්පාදුවේ වෙනසක් අද සහ හෙට (16 සහ 17) විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 15 කට සීමා කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා පස්වරුවේ පැවසීය. 16 April 2022
ගාලුමුවදොර විරෝධයේ දැඩි තදබදයක් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතා භූමියට 50,000 කට අධික ජනකායක් රැස්ව සිටීම නිසා එම ස්ථානයේ දැඩි තදබදයක් ඇතිවී තිබේ. 15 April 2022
තෙල් බවුසර්වලට එන්න කියයි ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා හැකි ඉක්මනින් අදාළ පර්යන්ත සහ ඩිපෝ වෙත ළඟාවන ලෙස සියලුම ඛනිජ තෙල් බවුසර් හිමියන්ගෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉල්ලා සිටියි. 15 April 2022
කොවිඩ් ආසාදිතයන් තවත් 19ක් කොවිඩ් ආසාදිතයින් තව 19 දෙනෙක් අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 15 April 2022
ගමේ ගිය අයට කොළඹ එන්න ලංගම බස් 2100 ක් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) අන්තර් පලාත් බස් රථ 2100 ක් පමණ ධාවනයේ යෙදවීමට සූදානමින් සිටින බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. 15 April 2022
බැසිල්ට කොවිඩ් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවෙයි. 15 April 2022
රජයට විරෝදය පා එතෙර අවුරුදු උත්සව නවත්වයි විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව රැසක් ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව විදේශවල සිටින ශ්‍රී ලාංකිකයෝ පවසති. 15 April 2022
නව කැබිනට් මණ්ඩලය 18 දිවුරුම් දෙයි? නව කැබිනට් මණ්ඩලය ලබන 18 වෙනිදා සඳුදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. 15 April 2022
ගෑස් සඟවා අලෙවි කරන්නට ගොස් වැඩ වරදී වැඩි මිලට අලෙවි කිරිම සදහා නිවසක ඉතා සුක්ෂම ලෙස සගවා තිබු ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 230 ක් අද (15) පස්වරුවේ සොයාගත් බවත්,ගැස් සිලින්ඩර් සගවා තැබිමේ චෝදනාව යටතේ නිවසේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බවත් ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති විරාජ් විතානගේ මහතා පැවසිය. 15 April 2022
අත්අඩංගුවට ගත් සැරයන්ට ඇප මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළැයි කොටුව පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා රුපියල් ලක්ෂ 3 ක් බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (15) නියෝග කළේය 15 April 2022
ජල ටැංකියට වැටී පිය-පුතු මරුට බටදුව පිහිටි සුප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ජල ටැංකියට වැටි එම කම්හලේ 37 හැවිරිදි විධායක නිලධාරියෙකු සහ ඔහුගේ නව හැවිරිදි පුතා අද(15 ) මියගොස් ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි. 15 April 2022
ගාලුමුවදොර විරෝධතාවයට සතියයි ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයට සතියක් සම්පූර්ණ වී තිබියදීත් ආහාර පාන ඇතුළු සියලුම පහසුකම් අඛණ්ඩව ලබමින් තිබෙන බව එම ස්ථානයේ සිටින විරෝධකරුවෝ පවසති. 15 April 2022
‘නියෝජ්‍ය කතානායකවරයකු පත්කිරීම ලබන මාසයේදී‘ නව නියෝජ්‍ය කතානායකවරයකු පත් කිරීම පාර්ලිමේන්තුවේදී ලබන මස 4 වෙනිදා සිදුකෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 15 April 2022
ලිට්රෝ සභාපති ඉල්ලා අස්වෙයි ? ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. 15 April 2022
ඉන්ධන ලබාදීමත් සීමා කරයි ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 15 April 2022
‘මැණික් කෞතුකාගාරයක් හදන්න ගිය ලක්ෂ 40 ක් වතුරේ‘ රත්නපුර ප්‍රදේශයේ කුඩා මැණික් කෞතුකාගාරයක් ආරම්භ කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් වැය කෙරුණු රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 15 April 2022
’’ජනපති හිමිකම් පනත අහෝසි කරනවා නම් හොඳයි’’ හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම් එය ඉතා හොඳ බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 15 April 2022
‘ශ්‍රී ලංකන් ගුවන් සමාගම යානා 21 ක් බද්දට ගැනීමේ සූදානමක්‘ ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන වලින් පෙරමුණේ තිබෙන ආයතනයක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් බද්දට ලබාගැනීමට සැලසුම් කර ඇතැයි එම සමාගම පවසයි. 15 April 2022
උගන්ඩාවට ගිය යානා ගැන ශ්‍රී ලංකන් කියන කතාව ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් අඩංගු ගුවන් යානා වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කළ ක්‍රියාවක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි. 15 April 2022
අවසර නැතුව කෑන්වලට ඉන්ධන දෙන්නෙ නෑ අනුමැතිය ලැබූවන් හැර සෙසු පුද්ගලයන්ට බූලි සහ කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවූ බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකු පැවැසීය. 15 April 2022
ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධතාවයට කතෝලික සභාව සහයෝගය දක්වන බවත් ජනාධිපතිවරයා ඉවත් විය යුතු යන ස්ථාවරයේ කතෝලික සභාවද සිටින බවත් එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමෝ පැවසූහ. 15 April 2022
පළාත් රැසකට අදත් තද වැසි උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 April 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026