(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති දෙපාර්තමේන්තුවේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පීඨයේ සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හළ බව පේරාදෙණිය පොලිසිය කියයි.
පේරාදෙණිය විශ්ව විද්යාලයේ නවක වදයට එරෙහි සිසුන් පිරිසකට ඉකුත් 14 වැනි දින එම පීඨයේ ආපන ශාලාවේ දිවා ආහාරය ගනිමින් සිටියදී එම පහරදීම සිදුව තිබේ.
පහරකෑමට ලක්වූ සිසුන්ගෙ ප්‍රකාශ අනුව එම පීඨයේ සිසුන් තිදෙනකු පන්ති තහනමකට ලක් කළ අතර පොලිසිය කරන ලද දැනුම්දීමකට අනුව එම සිසුන් තිදෙනා පේරාදෙණිය පොලීසියට පැමිණ අද සවස බාරවී මෙන් පසු එසේ ප්‍රකාශ ලබාගැණිමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.
මෙම දෙපාර්ශ්වය ඉදිරියේදී සමථමූල මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි නිවටයින් හට සදාකාලික මහජන බදු මුදලින් නඩත්තු වන සරසවිවල අධ්‍යාපනය තහනම් කළ යුතුයි. එමෙන්ම, මොවුන්ට රටේ නීතිය අනුව දඬුවම් කළ යුතුයි...!
හොඳ ආරම්භයක්. නීතිය උල්ලංඝණය කරලා දඬුවම් විඳලාම නීතිය ඉගෙන ගත්තම නීතිය පිළිබඳ අවබෝධය වැඩිවෙනවා නේද?
කාලකණ්නි...! පුළුවන් නම් පෞද්ගලික විශ්ව විද්‍යාල කළ යුතුයි.
නවක වදය මනුෂ්‍ය සංහතියේ යහපැවැත්මට ලොකුම බාධාවක් සහ සමාජයට වැඩදායක විය හැකි වටිනා අහිංසක ජීවිත නිරපරාදෙ මරණයෙන් කෙළවරවීමක් සිදුවන මහා පිළිලයක්... හොඳම විසඳුම එම පිළිලයන් මුලිනුපුටා විනාශ කර දැමීමයි.
ඇයි මේ අසහන කාරයින්ට ඇප දෙන්නේ? ආයේ විශ්ව විද්‍යාලේ පැත්තකටවත් යන්න ඉඩ තියන්න එපා...!
56ක් ගෙනිහින් පෙනේර වෙන්නම දුන්නා නම් හරි කැම්පස් උන්ට...කැම්පස් එක ඇතුලේන් එළියට ආවම බලු පැටව් වගේ... ඉගෙන ගන්න එකෙක්ට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ...අපි වගේ හිටියා නම් එකෙක් දෙන්නෙක් අඩි 6ක් යට...
මේ අයට නිසි දඬුවම් නොදීම නිසයි මේ ප්‍රශ්නය ඔඩු දුවලා තියෙන්නේ... මොවුන්ව උසාවියකට ඉදිරිපත් කර රටේ දණ්ඩ නීතිය යටතේ දඬුවම් නියම කල යුතුයි.