(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය කළ ඉල්ලීමක ප්‍රථිපලයක් ලෙස ඇමෙරිකාවේ ලාභ නොලබන ආපදා සහන සහ ගෝලීය සෞඛ්‍ය සංවිධානයක් වන ඇමෙරිකෙයාර් විසින් ඇමෙරිකානු ඩොලර් 773000 ක හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබිණ.
මෙම හදිසි වෛද්‍ය සැපයුම් තොගයට නිදන් ගත රෝග සඳහා වන ඖෂධ,සිරින්ජර්,කැතීටර් සහ විටමින් ඇතුලත් වන බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.ඉදිරි පරිත්‍යාග කිරීම් සඳහා ඇමෙරිකෙයාර් ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් පෙරේරා සහ නාමල් රාජපක්ෂ ලංකාවෙන් බඩු බාරගන්න එන්න පුළුවන්. එහෙම වුණොත් ඒ පරිත්‍යාගයත් ඔවුන්ගේ සාක්කුවලට යනවා අනිවාර්යයි. ඕස්ට්‍රේලියා ජාතික රූපවාහිනියෙන් හොරකම් කළා කියලා ඔප්පුකරලා පෙන්නුවත් අපේ රටේ අය හොඳින් ඉන්නවා. අඩුවෙනකන් දේශපාලන හොරු කවුරුවත් අල්ලලා නෑ. මොකද 226ම හොරු, උන් උන් රකිනවා...