
(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක් වටිනා ආහාර තොගයේ පළමු කොටස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ඊයේ (21) ලෝක ආහාර වැඩසටහනට නිල වශයෙන් භාර දුන්නේය.
පළමු තොගයට සහල් මෙට්‍රික්ටොන් 600 ක් ඇතුලත් විය.
එහිදී ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලාංකිකයන්ට සහාය වීම සඳහා මෙම ආහාර පරිත්‍යාගය සිදු කළ බවත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දශක ගණනාවක මිතුදම මින් පිළිබිඹු වන බවත් පෝල් ස්ටීවන්ස් මහතා පැවසුවේය.
ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 කට සහාය වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 63 පරිත්‍යාග කරන ලෙස ලෝක ආහාර වැඩසටහන කළ ඉල්ලීමේදී එයට ප්‍රතිචාර දැක්වූ ප්‍රථම රට ඕස්ට්‍රේලියාව බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd