
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනය කිරීමත් සමඟ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල විශාල ලෙස ඉහළ යෑම පිළිබඳව මහා සංඝරත්න ඇතුළු ආගමික ප්‍රධානීන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර බලශක්ති අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් අද (21) පස්වරුවේ පැවැත්විණි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එහිදී මහා සංඝරත්න ඇතුළු ආගමික ප්‍රධානීන්ට විදුලි බිල සංශෝධනය කර ඇති ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර ආගමික ප්‍රධානීහූ ද එහිදී අදහස් ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හැමදාම ප්‍රශ්න ඇතිකරන සෙට් එකක්...
කවුද කැමති පන්සල්වල ලයිට් බිල් ගෙවන්.
සහන ඉල්ලන්න අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන, කෝටිපති ආගමික නායකයන්ට ලැජ්ජ නැද්ද. මේ උන්දැලා නිසා අපේ තරුණ පරපුරට සියලු ආගම් තිත්ත වේගෙන එන්නේ.
තමන් පාවිච්චි කරන විදුලියට තමන් ගෙවන්න. V8 වලින් රේන්ජ් රෝවර්වලට මාරු නොවී පොඩි වාහනයකට මාරුවෙන්න. ඇමතිතුමන් මේ තීරනය නම් රිවස් කරන්න එපා. කොන්ද කෙලින් තියන එකම ඇමති...
විදුලි බිල අධික වන්නේ විශාල පන්සල් වලටයි. ලංකාවේ මෙවැනි විශාල පන්සල් බොහෝමයකට අයත් ඉඩකඩම් වලින් හොඳ ආදායමක් ලැබෙන අතර, ඒ මුදල් පන්සල් වල සේවා ගාස්තු ගෙවීම සඳහා භාවිතා කළ හැකිය...
අල්ලගෙන හිරේ යවන්න තිබ්බේ. අහිංසක පොඩි දරුවන් පාසල්වල කලන්තේ හැදිලා වැටෙනවා.. මේ අය බල්බ් පත්තු කරන්න ඕනෑලු අඩු ගාණට...
දුප්පත් මිනිසුන් බිල් ගෙවනවා නම් පූජනීය ස්ථානත් බිල් ගෙවිය යුතුයි. ඒවට වෙනම නීති...?
පාවිච්චි කරන ප්‍රමාණයට ගෙවන්න. ගෙවිය හැකි ප්‍රමාණයට පාවිච්චි කරන්න...!
ආගමික ස්ථානවල සම්බන්ධතා 48,682ක් තියෙනවා. එතැනින් ඒකක 30 දක්වා පාවිච්චි කරන ස්ථාන 15,195ක් තියෙනවා. ඒ අය සංශෝධනයට පස්සෙත් ගෙවන උපරිම මිල රු 330/- යි. දෙවෙනි කාණ්ඩයේ සිද්ධස්ථාන 11,151ක් සංශෝධනයෙන් පස්සේ ගෙවන්නේත් උපරිම රු 1260/- යි. ඊළඟ කාණ්ඩයේ තව සිද්ධස්ථාන 3852කට උපරිම බිල රු 1860/-ක් වෙනවා. දැන් ඊළඟ කාණ්ඩයේ ස්ථාන 5857කට දැන් උපරිම බිල රු 3990/-යි. සිද්ධස්ථාන 12000ක් තමයි තියෙන්නේ විශාල වශයෙන් බිල වැඩිවුණා. ඒ කියන්නේ එයාලා මොකක් හරි කර්මාන්ත ශාලාවක වගේ විදුලි ඒකක ගණනක් පාවිච්චි කරන අය...
පන්සල් යනු අනවශ්‍ය ලෙස මහාපරිමානයෙන් විදුලිය නාස්තිකරන ආයතන වෙ. අහිංසක දුප්පත් මහජනතාවට සහන දුන්නත් පන්සල්වලටනම් සහන නොදිය යුතුය
අපෙ පුරාන මහා සංඝරත්නය අවුරුදු 2500ක් ම බුද්දසාසනේ රැකගෙන ආවෙ කරන්ට් එකෙන් නෙවෙයි අපෙ හාමුදුරුවනෙ
ආවසගෙයි A/C නැතුව බවුන් වඩන්න අමාරු අති, පව්.