පොඩි මැණිකේ පීලි පනියි බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද උදේ 8.30 ට ගමන් ඇරඹු පොඩි මැණිකේ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කි.මී. එකහමාරක් පමණ දුරින් පිහිටි බිංගෙයට නුදුරු ස්ථානයකදී පෙ.ව. 8.40 පමණ පීලි පැනීමකට ලක්විය . 18 April 2022
ඉන්ධන ලැබේ: විදුලි කප්පාදුව කෙටි වේ අද දින විදුලි කප්පාදුව පැය තුනයි විනාඩි 30ක් දක්වා අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 18 April 2022
ඩොලරය තවත් ඉහළට ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක් අද (18) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340 ක් ලෙස එම බැංකුවල වෙබ් අඩවිවල සටහන් කර තිබේ. 18 April 2022
මන්ත්‍රීවරු 18 ක් දිවුරන්න සූදානම් නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී අද(18) පෙරවරු 10ට දිවුරුම් දීමට නියමිතය. 18 April 2022
පළාත් හතකට වැස්ස සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 April 2022
ගල් අඟුරු ටොන් 120000 ක් ඩොලර් නැතුව හිරවෙයි ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. 18 April 2022
කොවිඩ් ආසාදිතයන් 37ක් සහ එක් මරණයක් කොවිඩ් ආසාදිතයින් තව 37 දෙනෙක් අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 17 April 2022
දක්ෂිණ අධිවේගය වාහන 17 එකට ගැටේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 23 දශම 3 කළුතර ප්‍රදේශයේ දී වාහන 17 ක් එකිනෙක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි. 17 April 2022
අයි.ඔ.සී. ඉන්ධන මිල තවත් ඉහළට ඉන්දියන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. 17 April 2022
ජනපති ලේකම් කාර්යාලට ආලෝකවත් කළ විරෝධය ජනපතිට හා ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලුමුවදොර විරෝධතාවේ නිරත පිරිස අද අලුත් ආකාරයේ විරෝධතාවක නරත වූහ. 17 April 2022
ගෝලිය කොරෝනා නවතම වාර්තාව ගෝලිය වශයෙන් ඉක්තු සතියේ දැනට ආසාදිතව සිටින ගණන සියයට 22කින් අඩු වී ඇතැයි ද මරණ ප්‍රතිශතය සියයට 21කින් අඩුවී ඇතැයි ද කැනඩාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ වාර්තාවකින් කියැවෙයි. 17 April 2022
කලගෙඩිහෙනෙන් නුවර පාර වහයි කළගෙඩිහේන ඉන්ධන පිරවුම් හල අසල දින දෙකක් තිස්සේ ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන නවතා ගෙන පෝලිමේ සිටි විශාල පිරිසක් ඉන්ධන නොලැබීම හේතුවෙන් අද 17 පස්වරු 07.30 ට පමණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය වාහන හරස් කර උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත. 17 April 2022
පොලිස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් ශ්‍රී ලංකා පොලිසියේ නිළ වෙබ් අඩවිය වන www.police.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 17 April 2022
නව ඇමැති මණ්ඩලය හෙට දිවුරුම් දෙයි නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී හෙට (18) දිවුරුම්දීමට නියමිතය. 17 April 2022
උයන්වත්ත වැවේ ගිලුණු සිසුවා අතුරුදන් බණ්ඩාරගම උයන් වත්ත වැවේ පිහිනමින් විනෝද වෙමින් සිටි තරුණයන් පිරිසෙන් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි. 17 April 2022
එකම කුට්ටම ඇනීමෙන් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්රශ්නය නොවිසඳෙන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 17 April 2022
විශ්ව විද්‍යාල ආචාර්යවරු 19 වැඩ වරති ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන මහජන අරගලයට පූර්ණ සහාය පළකරීමේ සංකේත වැඩවර්ජනයක නිරතවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිත් සම්මේලනය සඳහන් කරයි. 17 April 2022
ජාජබ ජනබලය බේරුවලින් ආරම්භ වෙයි ජන පීඩක ආණ්ඩුව පන්නමු යන තේමාවෙන් යුතුව ජාතික ජන බලවේගය අද පෙරවරුවේ බේරුවල නගරයෙන් ආරම්භ කළ තෙදින පා ගමන අද දහවල් කළුතර නගරයට ළඟවූ අතර අති විශාල ජනකායක් ඊට එක්ව සිටියහ. 17 April 2022
ආරක්ෂක ලේකම්ගෙන් කරුණු පැහැදිලි කිරීමක් ප්රජාතන්ත්රවාදී වාදීව සිදුකෙරෙන සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා කිසිසේත්ම හමුදා භටයන් යොදා නොගන්නා බව ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 17 April 2022
හෙට පැය 4 ක් විදුලිය කපයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (18) සියලුම කළාපවලට පැය 4 යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (17) පස්වරුවේ පැවසීය. 17 April 2022
සරත් වීරසේකර ගත් තීරණය නව කැබිනට් මණ්ඩලයේ කිසිඳු තනතුරක් ලබානොගැනීමට තමන් තීරණය කළ බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. 17 April 2022
අරගල භූමිය මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණයට කොළඹ ගාලු මුවදොර අරගල භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීහු කණ්ඩායමක් යොදවනු ලැබ සිටිති. 17 April 2022
ගාලු මුවදොරට මාධ්‍ය මධ්‍යස්ථානයක් කොළඹ ගැලුමුවදොරපිටියේ පිහිටි මහජන අරගල පරිශ්‍රයේ මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බව මාධ්‍ය සංවිධාන එකමුතුව සඳහන් කරයි. 17 April 2022
ගාල්ල විරෝධය උණුසුම් වෙයි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දි පැවැත්වෙන විරෝධතාවයට සහාය පලකරමින් ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටද ආරම්භ කළ අඛණ්ඩව පවත්වාගෙන යන විරෝධතාකරුවන් ඉදිකොට තිබු කුඩාරමක් ඉවත්කිරිමට යාමේ දි පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දැඩි උණසුම්කාරිතත්වයක් ඇතිවිය. 17 April 2022
හිටපු ඇමතිගේ අවුරුදු සාජ්ජයේ දී දෙපිරිසක් ගැටේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අවුරුදු සාදයේ දෙපිරිසක් ගැටී දෙදෙනෙකු තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි. 17 April 2022
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අනිද්දා සිට රජයේ පාසල්වලට 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම අනිද්දා (19) රටපුරා සියලුම පාසල්වල සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 17 April 2022
’’විගණනයට මම සූදානම්’’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආදායම් සහ වත්කම් විධිමත් විගණනයට ලක් කළ යුතු බවත් එම කටයුත්ත තමාගෙන් ආරම්භ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය. 17 April 2022
නාමල්ගෙන් තොණ්ඩමන්ට යළි ඇරයුම් ලංකා කම්කරු කොන්ග්‍රසයට යළිත් රජය සමග එක් වි කටයුතු කරන ලෙස හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ලංකා කම්කරු කොංග්රස් ආරාධනාවක් ලැබුණු බව කම්කරු කොංග්රස් ජාතික සංවිධායක පි.සත්තිවේල් මහතා පැවසිය. 17 April 2022
ජේතවන දා ගැබට නැග්ග අයකු අල්ලයි අනුරාධපුර පූජා භූමියේ පිහිටි ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යය මුදුනට නැග විරෝධතාවයේ නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි. 17 April 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026