(ඩයනා උදයංගනී)
කෘෂිකාර් මික යෙදවුම් ආනයනය කිරීම සම්බන්ධයෙන් පවතින සීමා සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව එළඹෙන මහ කන්නයේ කෘෂිකාර් මික කටයුතු බාධාවකින් තොරව කරගෙනයාමට හැකි පරිදි මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව කෘෂි බීජ, කෘෂි රසායනික ද්‍රව්‍ය හා රසායනික පොහොර ආනයනය කිරීමේදී දැනට අදාළ වන ඇමෙරිකානු ඩොලර් 50,000 ක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 2,50,000ක් දක්වා වැඩිකිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.
මීට අමතරව මාස 6ක කාලයක් සඳහා කෘෂිකාර් මික කටයුතුවලට අත්‍යාවශ්‍ය ග්ලයිෆොසේට් ප්‍රමාණය ආනයනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට ද අනුමැතිය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd