IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආගමික ස්ථානවල විදුලිබිලට සහනයක්

(ඩයනා උදයංගනී)

පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් ඉදිරියේදී නියත වශයෙන්ම සහනයක් ලබාදෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් දිගුකාලීන සහනයක් ලැබෙන ආකාරයෙන් සූර්ය බලයෙන් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙසත්, වෙනත් සහන සැලසිය හැකි ක්‍රමවේද සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කළ බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ හඑකා ඇතුළු ඇමතිවරුන් ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවත් කී ඇමතිවරයා එම අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව ද කීය.

විහාරස්ථානවල බිල නොගෙව්වොත් ගන්නා ක්‍රියාමාර්ග සාකච්ඡා කළාදැයි මාධ්‍යවේදියකු මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසූ අතර, එම අවස්ථාවේ ඇමතිවරයා පැවසුවේ රටකට අනුශාසනා කරන ආගමික නායකයන් පාරේ යන සෙනඟ ලෙස සැලකෙන්නේ නැති බවත්, උන්වහන්සේලා අවබෝධයෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත්ය. 



අදහස් (8)

ආගමික ස්ථානවල විදුලිබිලට සහනයක්

nimal Friday, 23 September 2022 05:16 PM

ආගමික ස්ථානවල අනවශ්‍ය ආකාරයට රාත්‍රිය පුරාම දල්වන විදුලි බුබුළු පැය කිහිපයකට පමණක් සීමා කරන්න. දෙවනුව අදායම් ලබන/පුණ්‍ය ආධාර ලබන ආගමික ස්ථාන විගණනයකට ලක්කළ යුතුවේ. එම පූජනීය / ආගමික ස්ථාන මගින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් පරික්ෂාකර බලන්න. පුණ්‍ය ආධාර භික්ෂූන් වහන්සේලාගේ නම්වලින් හෝ පූජනීය ආයතනයේ නමින් තිබේද?

:       0       11

SenakaSaturday, 24 September 2022 08:12 AM

ආගමික ආයතන යනු පන්සල් විතරක් යැයි සිතා සිටින අති පණ්ඩිතයන් වෙත. ලංකාවෙ පන්සල් 8600ක් ඇති අතර මුස්ලිම් දේවස්ථාන 9800ක් පමණ ලියාපදිංචිව ඇත. 46000ක් වන ආගමික මධ්‍යස්ථාන අතුරින් ඉතුරු සියල්ල ක‍තෝලික හා ක්‍රිස්තියානි මධ්‍යස්ථාන වේ. ඒ නිසා හාමුදුරුවන් වගේම පාදිලි, සහෝදර කට්ටිය ගැනත් කතා කරන්නට මොලේ පෑදේවා.

:       0       0

සමීර Friday, 23 September 2022 07:15 PM

විහාර හා දේවාලගම් පනත සංශෝධනය කරන්න හොඳම කාලය දැනුයි...

:       1       3

Bandara Friday, 23 September 2022 11:41 PM

මේවා අනවශ්‍ය වැඩ. ලංකාවේ බුදුදහම බිස්නස් එකක් වෙලා ගොඩක් කල්. සමහරු කියනව ප්‍රශ්න කරන්නට එපා කිලා. ඇයි බැරි? කොස් තියන අයටමයි බත්.

:       0       0

chandima Saturday, 24 September 2022 04:38 AM

ඇමතිතුමා සහන දෙනවනම් අතින් දෙන්න. අපට නම් බැහැ ණය ගෙවන්න.

:       0       0

Rasika Saturday, 24 September 2022 09:04 AM

බල්ලගේ වැඩේ බූරුවා නොකර ඉන්න. අපට ඉන්න එකම කාර්යක්ෂම සහ තද තීරන ගන්න ඇමතිවරයා තමයි බලශක්ති ඇමති. ඔහුගේ කකුලෙන් අදින්න එපා පුලුවන් නම් ඔහුගෙන් ඉගෙන ගන්න.! 

:       0       0

Kumara Saturday, 24 September 2022 09:51 AM

මෙය වැරැදි තීරණයක්. එවැනි සහන දීමට අවශ්‍ය නැහැ. ඒ අයටත් පරිභෝජනය අඩු කරන්න කියන්න...

:       0       0

Mahi Saturday, 24 September 2022 03:41 PM

අවවාද යට වඩා ආදර්ශය උතුම්. ආගමික ස්ථාන සහන ඉල්ලීම ට පෙර විදුලි භාවිතා අඩු කිරීමට පියවර ගන්න. අනිත් රටවල වගකියයුතු පුද්ගලයන් තමයි පළමුවෙන් විදුලිය භාවිතය අඩුකරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site