IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇමෙරිකාව‍ ලංකාව ගැන සංචාරක උපදේශනය අලුත් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට දැඩි ලෙස අවධානයෙන් පසුවන ලෙස සිය රටවැසියන්ට උපදෙස් දෙමින් ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය ඊයේ (22) යාවත්කාලීන කළේය.

තුන්වෙනි මට්ටමේ තිබූ සංචාරක උපදේශනය යාවත්කාලීන කිරීම මගින් දෙවැනි මට්ටමට පහත දමා ඇත.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර් ථික අර් බුදය හේතුවෙන් ඉන්ධන, ආහාර සහ ඖෂධ ඇතුළුව ආනයනික භාණ්ඩ වල හිඟයක් පවතින බවත් මේ නිසා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇති වූ නමුත් කිව්.ආර් ක්‍රමවේදය මගින් තත්ත්වය සමනය කර ගැනීමට හැකි වී තිබෙන බව සංචාරක උපදේශනයේ දැක්වේ. 

සැපයුම් දාමයන්ට බාධා ඇති වීම හේතුවෙන් ආහාර හා ඖෂධ හිඟයක් විශේෂයෙන් දුරබැහැර ප්‍රදේශ වල ඇති වී තිබුණත්, බොහෝ හෝටල්, ආපනශාලා, සිල්ලර වෙළඳසැල් සහ පෞද්ගලික රෝහල්වල සැපයුම් තිබෙන බව එහි සඳහන් වේ.

සීමිත කාලසීමාවක විදුලිය ඇනහිටීම් නිතර සිදුවන නමුත් බොහෝ සංචාරක හෝටල්වල  විදුලි ජනන යන්ත්‍ර ඇති බව එහි දැක්වේ.



අදහස් (1)

ඇමෙරිකාව‍ ලංකාව ගැන සංචාරක උපදේශනය අලුත් කරයි

Perera Saturday, 24 September 2022 07:34 AM

බංකොළොත් රාජ්‍යයක අවසානය අත්විඳින්න කියලා ලංකාවේ සංචාරක මණ්ඩලය විදෙස් රටවලට ලංකාව මාකට් කරලා විදේශිකයන් ලංකාවට ගෙන්වන්න බලන්න ඕනි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site