IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බොරතෙල් ප්‍රමිතියෙන් තොරයි

(යොහාන් භාසුර)

බොරතෙල් ප්‍රමිතියෙන් තොර වීම නිසා තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල් විදුලි ජනනයට යොදාගත නොහැකි වී ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ආනයනය කර ඇති බොරතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය වැඩි වීම නිසා ප්‍රමිතියෙන් තොර බව කී රත්නායක මහතා සාමාන්‍යයෙන් බොරතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය සියයට 2 ක් පමණක් තිබිය යුතු වුවද තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය සියයට 3 ක් පමණ වීම නිසා විදුලි ජනනයට යොදාගත නොහැකි බව ද සඳහන් කළේය.  

තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල් වෙස්කොස් විදුලි බලාගාරයට පාවිච්චි කළ නොහැකි වීම විදුලි කප්පාදුව ඉහළ දැමීමට හේතුවක් වී ඇති බව ද රත්නායක මහතා සඳහන් කළේය.

වර්තමාන පවතින දැඩි උෂ්ණත්වයත් සමඟ විදුලි ඉල්ලුම ඒකක මිලියන 38 සිට ඒකක මිලියන 43 ක් දක්වා ඉහළ යෑම ද විදුලි කප්පාදුව ඉහළ යෑමට හේතු වී ඇතැයි ද සභාපතිවරයා වැඩි දුරටත් කීය.  



අදහස් (1)

බොරතෙල් ප්‍රමිතියෙන් තොරයි

dhamneth Friday, 23 September 2022 03:43 PM

මෙම බොරතෙල් ගෙනාවේ මොන රටින්ද?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site