IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


මැතිසබා මාධ්‍ය බත්පතේ ගෝනි නූල්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවෙන් මාධ්‍යවේදීන්ට අද (23) දහවල්   බත් සමග ලබාදුන් හාල් මැස්සන් බැඳුමේ තිබී අඩියකට ආසන්න දිග ගෝනි නූලක්  හමුවිය.

මාධ්‍යවේදියකු   ආහාර ගනිද්දී ඔහුට මෙම ගෝනි නූල හමු වීමෙන් පසු ඔහු ඒ අවස්ථාවේදීම භෝජන අංශයේ ප්‍රධානීන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ගෝනි  නූල  ඔවුන්ට බාරදී ඇත.

හාල්මැස්සන් බැදුමේ තිබී  ගෝනි නූල හමුවීමෙන් පසුව සමහර මාධ්‍යවේදීහු ඒ මොහොතේම ආහාර ගැනීම නවතා දැමූහ.

මේ අතර පාර්ලිමේන්තු භෝජන අංශයෙන් මාධ්‍යවේදීන්ට ඊයේ දහවල් සැපයුණු ආහාර වර්ග දෙකකින්  පිළුණු රස දැනුණු බව  ඔවුහු සඳහන් කරති.

පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් සැපයුණු ආහාරවල තිබී පණුවන් ප්ලාස්ටික් කැබලි තංගුස් නූල් කැබලි වැනි දෑ මෙයට පෙරද  වරින් වර සොයා ගැනිණ.

මේ අතර පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් පෙරේදා(22) සැපයුණු මාළු විෂවීමෙන් පොලිස් නිලධාරීහු දෙදෙනෙක්  දැඩි ලෙස රෝගාතුරව නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඔවුන් රෝහල කරා රැගෙන ගියේ ගිලන් රථයකිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු  මහලේකම් ධම්මික දසනායක මහතාගේ නියමයෙන් පරීක්ෂණයක් දැනටමත් ආරම්භවී ඇත.



අදහස් (15)

මැතිසබා මාධ්‍ය බත්පතේ ගෝනි නූල්

Perera Friday, 23 September 2022 03:02 PM

දොස් කියන්න බැහැ. දැන් ගණන්වල හැටියට, කොහු ලණු දාන්න බැරුව ගෝනි නූල් දානවා ඇති...

:       1       65

gamunuFriday, 23 September 2022 05:02 PM

ඡන්දය ගන්න ජනතාවට දෙන ලණු නැවත දේශපාලකයින් වෙත පැමිණ ඇත.

:       1       22

දිමුත් Friday, 23 September 2022 03:16 PM

ඔහොම තමයි ඉතින් වියදම් කපා හැරියාම. කාටත් අමාරු කාලයක්...!

:       1       51

Bunny Preena Friday, 23 September 2022 03:43 PM

මැති සබේ උන්දැලාට අඩුගානෙ බත්වේලක් එක්ක හාල් මැස්සොත් එක්ක ගෝනි ලණු හරි කන්න පින් කරලා තියෙනවා. නැතිබැරි පවුල්වලට මැස්සෙක්වත් නැහැ. උන්ව කාලා හරි බඩ පුරවා ගන්නවා. හුළං තමයි අනිත් අය බොන්නේ. ඇයි ඉතින් කෑම තියෙන තැන්වලටනේ මැස්සෙක් හරි එන්නේ...

:       1       33

dhamneth Friday, 23 September 2022 03:57 PM

සමහර අය ජනතාවට කොච්චර ලණු දෙනවද?

:       1       16

සිංගල්ටන් සැමන් Friday, 23 September 2022 04:03 PM

දේශපාලකයින්ට බැන බැන ඒ භෝජනාගාරවලින්ම ආහාර ගන්නේ ඇයි? ඒ ආහාර ප්‍රතික්ෂේප කළ යුතු නොවේද?

:       1       30

ගමේ එකාලා Friday, 23 September 2022 05:07 PM

ඔතන ඉන්න දූෂිත දේශපාලුවන් ජනතාවට දෙන ලණුවල හැටියට ලණු උයලා කන්න දෙන්නයි වටින්නේ...

:       2       12

Bamunuarachchi Friday, 23 September 2022 05:11 PM

ගෝනි නූල් කියන්නේ වස නොවෙයිනේ? ඔහොමවත් කන්න නැති මිනිස්සු රටේ ඉන්නවා. ඔන්න ඔය නූල් කෑල්ල අහක දාලා හෝ නූල් කෑල්ලත් එක්ක ඔය බත්ටික කන්න.

:       5       17

Dasa P Friday, 23 September 2022 06:40 PM

මැති සභාවට යන ලොකු කුඩා කවුරුත් පිනට කෑම බලන් නැතුව ගෙදරින් බත් එකක් අරන් ගියානම් ප්‍රශ්නේ අහවරයි.

:       1       15

විජිත් Friday, 23 September 2022 07:02 PM

ගරු මාධ්‍යවේදී මහත්වරුනි, මහත්මියනි, මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීමට අවසර දෙන්න. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කියන්නේ මහජන මුදලෙන් නඩත්තුවන ඌරු කොටුවක් බව ඔබසැම හොඳින්ම දන්නා කරුණකි. මෙහි ආහාර පිළිවෙල කරන්නේ ක්‍රම දෙකකටයි. මේ ඌරු කොටුවේ දැනට 225 කට ආසන්න ප්‍රමාණයක් ඇත. ඒවගේම මේ සතුන් බලාගැනීම සඳහා " මිනිසුන් '' සෑහෙන ප්‍රමාණයක් සිටිති. මුලින්ම ආහාර පිළියෙළ කරන්නේ " මිනිසුන් " සඳහායි. ඒ ආහාර පිළිබඳව අප විශේෂයෙන් පරික්ෂාකාරී වෙමු. දෙවනුව ආහාර පිළියෙළ වන්නේ " රටට මහබරක් වෙලා ඇති හොරුන් වෙනුවෙනි. ඒ ආහාර ගැන අප විශේෂයෙන් සොයා බැලීමක් නොකරන්නේ ඒ සතුන් ඕනෑම "ජරාවක්" කන නිසයි. ඔවුන් ජීවිත කාලයම කරන්නේ "ජරාව" හොය හොයා කෑම බව ඔබ අප හොඳින්ම දන්නා කරුණකි. සේවක මහතෙකුගේ අතපසු වීමකින් " සතුන්ට "දියයුතු ආහාර යම් කිසි ප්‍රමාණයක් මිනිසුන් වෙත සපයා ඇත. එයයි මෙහිදී සිදුවී ඇති වරද...

:       2       14

arschfikaaFriday, 23 September 2022 11:34 PM

නියමයි විජිත් ඒක නම්. අර උඩ කමෙන්ට් එකට දාපු බමුණුආරච්චි කියන මහ ලොකු චීන ඌරටත් ඕක දැනුවත් කරන්න. බමුණුට නම් දෙන්න ඕනි ගෝනි නූල් නෙවෙයි. ඌරු අසූචි.

:       0       2

sampath Friday, 23 September 2022 08:45 PM

ඔය බඩකඩිත්තුවත් වහලා දාන්න... ජනතාවට පාන් කෑල්ලක් නැහැ. එහෙව් මිනිස්සුන්ගේ බදුමුදල්වලින් යනයන කෙනා බඩකට පුරවන් තව ඒවායේ හොඳ නරකත් කියවනවා.

:       0       1

Kumara Saturday, 24 September 2022 04:33 AM

දේසපාලුවන් ට කඩේ යන මාධ්‍යවේදීන් කියන අයත් රට මේ තරම් විනාශ වුන එකට වග කියන්න ඕනේ.

:       0       2

-Raheem Saturday, 24 September 2022 08:25 AM

අයියෝ ලාබෙට කන්න ගියාම ඔහොම ලණු කන්න වෙනවා. ඕක ගෝනි ලණුවක් නේ. පාර්ලිමේන්තුවේ දෙපැත්ත බෙදිලා අදින කඹයක කෑල්ලක් නෙවෙයිනේ.

:       0       2

nihal Sunday, 25 September 2022 02:38 PM

පාර්ලිමේන්තුවේ කුස්සියේ කවුරුහරි ඉන්නවා. රටට ආදරේ කරන මනුස්සයෙක්... නියමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්ලෝවැකියානු අගමැතිට වෙඩි තබයි
2024 මැයි මස 15 1158 0

ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


සා.පෙළ සිසුන්ගෙන් සිසු මෑණියන්ට මල් කළඹක්
2024 මැයි මස 15 407 0

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක්, 15 වෙනිදා විභාගය අ


ඇමෙරිකානු ආයතනයක පැමිණිල්ලක් ගැන විමර්ශන අරඹයි
2024 මැයි මස 15 991 0

ශ්‍රී ලංකාවේ ළමුන් යොදාගෙන අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ඇමරිකාවේ (එන්.සී.එම්.ඊ.සි)අතුරුදහන් සහ සූරා කෑමට ලක් වූ දරුවන් උද


සා.පෙළ. සිසුවිය පැහැරගත් හතරක් අත්අඩංගුවට
2024 මැයි මස 15 1395 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි සිසුවියක පැහැර ගැනීමට පැමිණි බව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අ


‘අෂ්රෆ්’’කෞතුකාගාරයක් හදන්න මිලියන 25ක්
2024 මැයි මස 15 816 2

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” කල්මුණේ ප්‍රදේ


මියගිය කත ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී
2024 මැයි මස 15 1060 1

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 720 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2248 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1927 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site